Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රි ලංකා පිතිකරුවෝ ශ්‍රේණිගතකිරීම්හි ඉහළට

ශ්‍රි ලංකා පිතිකරුවෝ ශ්‍රේණිගතකිරීම්හි ඉහළට

editorial - 2022 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා පිතික‍රුවෝ සමත්ව ඇත. ඔවුන් එලෙස ඉහළට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනි.

ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භ වීමට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න, දෙවැනි ටෙස්ට් තරගයේදී රැස්කළ ලකුණු 86 ත් සමග එක් ස්ථානයක් ඉදිරියට එ‍මින් ශ්‍රේණිගත කිරීම්හි ‍7 වැනි ස්ථානයට පත්ව ඇත.

දෙවැනි තරගයේදී ලබාගත් අර්ධ ශතක හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් 17 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 ක්ද, කුසල් මෙන්ඩිස් 56 වැනි ස්ථානයේ සිට 49 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 ක්ද ඉදිරියට පැමිණ සිටිති.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව වැඩිම ස්ථාන සංඛ්‍යාවක් ඉදිරියට පැමිණ ඇත්තේ දිනේෂ් චන්දිමාල්ය. දෙවැනි තරගයේදී ලබාගත් ද්විත්ව ශතකය හේතුවෙන් ඔහු 48 වැනි ස්ථානයේ සිට 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 19 ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

මේ අතර සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 12 ක් දවාගනිමින් වාර්තාවක්ද පිහිටවූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව ඇත්තේ ටෙස්ට් පන්දු යවන්නන් අතර 55 වැනියා ලෙසිනි.


අදහස් (0)

ශ්‍රි ලංකා පිතිකරුවෝ ශ්‍රේණිගතකිරීම්හි ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.