Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශර්මාගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට

ශර්මාගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාගංණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 354 ක් රැස්කර ලකුණු 120 ක් ඉදිරියෙන් සිටියේය.

රෝහිත් ශර්මා (නොදැවී 127) සහ රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (නොදැවී 92) දිනය අවසන් වන විට හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 198 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ රෝහීත් ශර්මා සිය පළමු ටෙස්ට් ඉනිමේදීම ශතකයක් රැස්කරමින් පන්දු 228 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 127 ක් රැස්කර සිටියේය.

විසිහය හැවිරිදි රෝහිත් ශර්මා මේ වන විට එක්දින තරග 108 කට ක‍්‍රීඩා කර ඇති අතර පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 209 ක් රැස්කරමින් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ තෙවැනි ක‍්‍රීඩකයා බවට ද පත්විය.

සිය 199 වැනි ටෙස්ට් තරගයට සහභාගි වී සිටින ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පන්දු 24 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 10 ක් පමණක් ලබා දැවී ගියේය.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම 234
(ක‍්‍රිස් ගේල් 18, කිරාන් පවෙල් 28, ඩැරන් බ‍්‍රාවෝ 23, මාලන් සැමුවෙල්ස් 65, ශිවනරින් චන්ද්‍රපෝල් 36, ඩැරන් සැමි 16, මොහොමඞ් ශාමි 71/4, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 52/2)

ඉන්දීය පිල පළමු ඉනිම කඩුලූ 6 ට 354
(ශීකර් දාවන් 23, මුරලි විජේ 26, චෙටෙෂ්වර් පුජාරා 17, සචින් තෙන්ඩුල්කාර් 10, රෝහිත් ශර්මා නොදැවී 127, මහේන්ද්‍ර සිං දෝනි 42, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 92, ෂේන් ශිලින්ෆෝඞ් 130/4)


 


අදහස් (1)

ශර්මාගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.