Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර් - ක්ලාක් ඕස්ටේ‍්‍රලියාව බලගන්වති

වෝනර් - ක්ලාක් ඕස්ටේ‍්‍රලියාව බලගන්වති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ඬේවිඞ් වෝනර් ලබාගත් ශතකයත් මයිකල් ක්ලාක් (නොදැවී 92) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 50) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 114  ක අඛණ්ඩ සම්බන්ධතාවත් නිසා නිව්ලන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (1 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියේය.

පැය හතරකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 152 කට මුහුණ දුන් වෝනර් පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් නොමැති නිව්ලන්ඞ් තණතීරුවේදී  ඕස්ටේ‍්‍රලියානු ඉනිමට කදිම අත්තිවාරමක් දැමීය. වේග පන්දු යවන්නන් සිවු දෙනකු සමගින් පිටියට පිවිසි දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ ආක‍්‍රමණයට පිවිසීම  ඕස්ටේ‍්‍රලියානු උපාය විය.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 3 ක් දැවී 331
(කි‍්‍රස් රොජර්ස් 25, ඬේවිඞ් වෝනර් 135, ඇලෙක්ස් ඩූලන් 20, මයිකල් ක්ලාක් නොදැවී 92, ස්ටීවන් ස්මිත් නොදැවී 50, ඬේල් ස්ටෙයින් 44/1, වර්නන් පිලැන්ඩර් 66/1, ජේ. පී. ඩුමිනි 37/1)

 

 

 


අදහස් (1)

වෝනර් - ක්ලාක් ඕස්ටේ‍්‍රලියාව බලගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.