.jpg)
සිංගර් කුසලාන වෙළෙඳ සේවා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (09 දා) පැවැති අවසන් මහා තරගයේදී ජෝන් කීල්ස් කණ්ඩායම පරදා කඩුලූ පහක ජයක් ලැබූ මාස් ඇක්ටිව් එමරේඞ් කණ්ඩායම 2014 ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ අනූව වෙළෙඳසේවා පළමු කොටසේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනා ගැනීමට මාස් කණ්ඩායම සමත්විය.
කොළඹ වෙළෙඳසේවා ක‍්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ජෝන් කීල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. එහිදී පන්දුවාර 45.5 කදී ජෝන් කීල්ස් කණ්ඩායමේ සියලූ දෙනා ලකුණු 227 කට සීමා කිරීමට මාස් ඇක්ටිව් පන්දු යවන්නෝ සමත් වූහ.
ජයග‍්‍රාහී ඉනිම ඇරඹූ සචිත‍්‍ර සේනානායකගේ නායකත්වයෙන් යුත් මාස් ඇක්ටිව් පිතිකරුවෝ පන්දු 67 ක් සහ කඩුුලූ පහක් අතැතිව තිබියදී තරගය ජය ගැනීමට සමත් වූහ.
මාස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උදාර ජයසුන්දර පන්දු 73 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 59 ක් ලැබීය. වේගවත් ලකුණු 49 ක් ලබා ගත් ජෙහාන් මුබාරක් ඒ සඳහා පන්දු 33 ක් වැය කරන අතරවාරයේ හයේ පහර හතරක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත් විය.
අවසන් තරගයේ වීරයා ලෙස මාස් කණ්ඩායමේ ධනංජය ද සිල්වා සම්මාන ලැබීය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා සම්මානය මාස් කණ්ඩායමේ සචිත‍්‍ර සේරසිංහට හිමිවිය. තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා ලෙස මාස් කණ්ඩායමේ උදාර ජයසුන්දර සම්මාන ලැබූ අතර කොමර්ෂල් ක්‍රෙඩිට් ෆයිනෑන්ෂල් කණ්ඩායමේ ළහිරු ගමගේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස තේරී පත්විය. තරගාවලියේ නැගී එන ක‍්‍රීඩකයා සඳහා වූ සම්මානය ජෝන් කීල්ස් කණ්ඩායමේ ළහිරු මිලන්තට හිමිවිය.
මාස් කණ්ඩායම අවසන් තරගයට රැගෙන ඒමේදී තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දැක්වීම සචිත‍්‍ර සේරසිංහ (ලකුණු 335 ක් සහ කඩුලූ 13), උදාර ජයසුන්දර (ලකුණු 356 ක්) සහ සචිත් පතිරණ (කඩුලූ 14) විශිෂ්ට දක්‍ෂතා දැක්වූ අතර නායක සචිත‍්‍ර සේනානායක සහ ධනංජයද සිල්වා දැක්වූ දක්‍ෂතාද මාස් කණ්ඩායමට විශාල ශක්තියක් විය.
මාස් ඇක්ටිව් ටේ‍්‍රඩින්ග් කණ්ඩායම 2012 වසරේ අනුශූරතාව දිනා ගත් අතර 2013 ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මෙම අවසන් මහා තරගයේ ආරම්භක අවස්ථාව සඳහා තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක සිංගර් ශ‍්‍රී ලංකා ආයතනයේ අළෙවි ප‍්‍රධානී කුමාර් සමරසිංහ මහතා සහභාගි වූ අතර ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා සිංගර් සමාගමේ වෙළෙඳ ප‍්‍රධානී මහේෂ් විජේවර්ධන යන මහත්වරු සහභාගි වූහ.
වෙළෙඳ සේවා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයක් වෙළෙඳ සේවා ක‍්‍රීඩාංගණයේ පැවැත්වූ පළමු අවස්ථාවද මෙයවන අතර මීට පෙර පැවැති අවසන් මහා තරග 21 ක් පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදී (අවසන් තරග 7 ක්), එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී (අවසන් තරග 5 ක්), එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (අවසන් තරග තුනක්, කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (අවසන් තරග හතරක්) සහ මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී (අවසන් තරගයක්) පවත්වා තිබේ.
ජෝන් කීල්ස් - ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 227 යි.
(භානුක රාජපක්ෂ 59, අක්ෂු ප‍්‍රනාන්දු 45, දිමුත් කරුණාරත්න 33, ළහිරු මිලන්ත 29, රොෂේන් සිල්වා 15, ඉෂාන් ජයරත්න 13, බිනුර ප‍්‍රනාන්දු 36/5, ධනංජය ද සිල්වා 27/3 යි.)
මාස් ඇක්ටිව් - ඕවර 38.5 කදී කඩුලූ 5 ට ලකුණු 228 යි.
(උදාර ජයසුන්දර 53, ජෙහාන් මුබාරක් 49, ඇන්ජලෝ පෙරේරා 39, ටී.එස්. සම්පත් 38, කිත්රුවන් විතානගේ නොදැවී 26, මධුක ලියනපතිරණගේ 26/2, උපුල් ඉන්ද්‍රසිරි 39/2 යි.)
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.