Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 20 දා සිට

විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 20 දා සිට

editorial - 2023 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා විවෘත (කනිෂ්ඨ) ගොල්ෆ් තරගාවලිය මේ මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා බොරැල්ල රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී පැවැත්වෙයි. දින තුනේදීම උදෑසන 8.00 සිට පැවැත්වෙන තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයෝ 10 දෙනෙක් ද සහභාගි වෙති.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වයස අනුව තරගාවලිය කාණ්ඩ 4 කින් සමන්විත වෙයි. කනිෂ්ඨ විවෘත තරගාවලිය හෙවත් රන් කාණ්ඩය සඳහා වයස අවුරුදු 15 ත් 18 ත් අතර ක්‍රීඩකයෝ සභභාගි වෙති. වඩාත් ලාබාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී, ලෝකඩ සහ තඹ කාණ්ඩවලට අනුයුක්ත කෙරෙනු ඇත. මෙම තරගාවලියේ ශූරතා දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත් වීමේ අවස්ථාව ලැබේ.

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 18 හා 19 දෙදින පැවැත්වෙයි. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 22 වැනිදා පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳහා 15 වැනි වතාවටත් ‘ප්‍රීමා සන්රයිස්’ නිෂ්පාදකයන් වන සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඞ් අනුග්‍රාහකත්වය හිමිව තිබේ. 

“ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නඟා සිටුවීමට ප්‍රීමා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත්  ඕනෑකමකින් සහයෝගය දෙනවා. ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන දැවැන්ත තරගාවලියක කොටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක්” යැයි සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඞ්හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා පැවසීය.

වර්තමානයේදී ශ්‍රී ලංකා ගොල්ෆ් පිටියේ දිලෙන තරු අතර සිටින රෙෂාන් අල්ගම, කායා දළුවත්ත, ආදිත්‍ය වීරසිංහ, ජෙවාන් සතාසිවම්, කුමාර් ධනූෂාන්, විනුද වීරසිංහ, රතිස්කාන්ත් සහෝදරයෝ සහ ෂෙරින් බාලසූරිය යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් 15 වසරක් තිස්සේ ප්‍රීමා සමාගම දැක්වූ අමිල දායකත්වයේ නිහඬ ප්‍රතිඵල ලෙස කැපී පෙනේ.

 

තරගාවලිය පැවැත්වෙන ආකාරය

විවෘත/රන් කාණ්ඩය - වයස අවුරුදු 15 ත් 18 ත් අතර බාලක හා බාලිකා
රිදී කාණ්ඩය - වයස අවුරුදු 13 ත් 14 ත් අතර බාලක හා බාලිකා
ලෝකඩ කාණ්ඩය - වයස අවුරුදු 11 ත් 12 ත් අතර බාලක හා බාලිකා
තඹ කාණ්ඩය - වයස අවුරුදු 10 සහ 10 න් පහළ බාලක හා බාලිකා

 
ප්‍රීමා ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී වැලන්ටිනෝ යාප් මහතා (වමේ සිට සිව්වැන්නා) විසින් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති රනිල් පීරිස් මහතා සහ කනිෂ්ඨ අනු කමිටු සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය වෙත තරගාවලියේ අනුග්‍රහය නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව. සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස් සමාගමේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර කළමනාකරු, ඩොනවන් ඔන්ඩච්චි, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස් සමාගමේ ශ්‍රී ලංකා සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නායක ආචාර්ය රෝහිත් සිල්වා සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ උප සභාපති, සංජීව් වෛරවනාදන් යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති. 

අදහස් (0)

විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 20 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.