Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයිරසයේ බලපෑම හේතුවෙන් කල්දැමීමට සිදුවන මීළඟ තරගාවලිය බවට විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය පත්වීම වැළැක්විය නෙැහැකි තත්ත්වයට පත්ව තිබේ. වඩාත්ම බරපතළ ප්‍රශ්නය වන්නේ 2020 තරගාවලිය කල්දමනවාද නැතහොත් සම්පූර්ණයෙන්ම අවලංගු කරනවාද යන්නයි.
ලෝකයේ ප්‍රධානතම ටෙනිස් තරගාවලි හතරෙන් එකක් වන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ජුනි 29 සිට ජූලි 12 දක්වා එංගලන්තයේ විම්බල්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය. එහෙත් මෙම තරගාවලියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතය.
ප්‍රේක්ෂකයින් නොමැතිව තරඟාවලිය පැවැත්වීමේ විකල්පය තරග සංවිධායකයින් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දැමීම නිසා විම්බල්ඩන් තරගාවලිය නැවත සංවිධානය කිරීමට විවෘත කාල පරිච්ඡේදයක් ලැබී තිබෙන නමුත් එය විම්බල්ඩන් තරගාවලියට ගැලපේද යන්න සැක සහිතය. විම්බල්ඩන් ටෙනිස් සංකීර්ණයේ ඇත්තේ ආවරණය කරන ලද ක්‍රීඩාංගණ දෙකක් පමණක් වන අතර එය එංගලන්ත ගිම්හානයේ අවර කොටසේ තරග පැවැත්වීමට තරම් නොවේ.
කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වීමත් සමගම ප්‍රංශ ටෙනිස් බලධාරීහු ප්‍රංශ විවෘත තරගාවලිය සැප්තැම්බර් මාසයට කල්දැමූහ. රෝලන්ඞ් ගැරොස් (ප්‍රංශ ටෙනිස් තරගාවලිය පැවැත්වෙන ස්ථානය) සංවිධායකයන්ගේ එම තීරණය නිසා ටෙනිස් ලෝකය මවිතයට පත්විය.
කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරඟ කල් දැමුවහොත්, නියමිත කාලයෙන් පසුව විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාලසටහන නැවත සකස් කිරීම සංවිධායකයින්ට අපහසු විය හැකි බව බි්‍රතාන්‍යයේ ජේමි මරේ පවසයි.
ලක්‍ෂ හතකට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර 35,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.
“ඔවුන්ට එය (විම්බල්ඩන් තරගාවලිය) කොපමණ කාලයක් පසුපසට තල්ලු කළ හැකිදැයි මා දන්නේ නෑ” යැයි දෙවරක් විම්බල්ඩන් මිශ්‍ර යුගල ශූරයා වන ඇන්ඩි මරේ ස්කොට්ලන්තයේ පැවසීය.
“ලොව පුරා ක්‍රීඩා ඉසව් අවලංගු වී තිබියදී, ඔවුන් යම් යම් දේ සමඟ ගැටීමට උත්සාහ කරන්නේ නම්, එය ඒ තරම් හොඳ දෙයක් නොවේ” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කොරෝනා වයිරසය ලොව පුරා පැතිරීයාම හේතුවෙන් ගෝලීය ක්‍රීඩාව ඇණහිටීමට පෙර වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වන ඕස්ටෙලියානු විවෘත තරගාවලිය අවසන් විය. අනෙක් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වන ඇමරිකානු විවෘත තරගාවලිය අගෝස්තුවේදී පැවැත්වීමට නියමිතය.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.