Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (3 වැනිදා) පැවති තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 11-07 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත් විය. විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමේ උප නායක දේෂාන් බාලසූරිය තරගයේ වීරයා බවට පත්විය.
මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 05-00 ක් ලෙස පෙරමුණ ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට කලන ප්‍රේමරත්න සමත් වූ නමුත් එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට මේනුක තිලකරත්න අපොහොසත් විය.
දෙවැනි අර්ධය තුළ දඬුවම් පහර 2 ක් සාර්ථක කර ගැනීමට විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශාන්ත පීතරයෝ ගෝල දිනුමක් ලබාගත්හ. එහෙත් පළමු අර්ධය අවසානයේදී පැවැති ලකුණු පරතරය හේතුවෙන් ලකුණු 11-07 ක තියුණු ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථයෝ සමත් වූහ.
තරගයේ 39 වැනි සහ 58 වැනි විනාඩිවලදී විද්‍යාර්ථ විදුහලට හිමිවූ දඬුවම් පහර 2 ම සාර්ථක කරගැනීමට මේනුක තිලකරත්න සමත් විය. 67 වැනි විනාඩියේදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට විෂේන්ක සිල්වා සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ වින්ධ්‍ය ද මෙල් විසිනි.
තරගයේ 17 වැනි සහ 61 වැනි විනාඩිවලදී ශාන්ත පීතර විදුහලේ රන්මුතු නිරංජන් සහ සී. කුරේද, 62 වැනි සහ 67 වැනි විනාඩිවලදී විමන්ත සෙනෙවිරත්න සහ නිපුන් වීරසේකරද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ.
(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.