Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වි-20 නායකත්වයත් ලෙතම්ට
විස්සයි-20 තරගාවලිය

වි-20 නායකත්වයත් ලෙතම්ට

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වන විස්සයි-20 තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීම සඳහා ටොම් ලෙතම් තෝරාගනු ලැබ ඇත. ටොම් ලෙතම් නැවතත් විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ වසර 2021 න් පසුවය. මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියේදීත් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටොම් ලෙතම් වෙත පැවරී තිබේ. 

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී මෙන්ම ඉන් පසුව පාකිස්තානයේදී පැවැත්වෙන තරගාවලියේදීත් ටොම් ලෙතම් විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇත. මෙම තරගාවලි දෙක සඳහාම ක්‍රීඩකයන් 16 දෙනකු නම්කර ඇතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා යොදා ගැනෙන්නේ ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් සමන්විත සංචිතයක් පමණි. තවමත් විස්සයි-20 අන්තර්ජාතික වරම් ලබා නැති චැඩ් බෝව්ස් සහ හෙන්රි ෂිප්ලේ දෙදෙනාම මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. 

ටොම් ලෙතම් නායකත්වය බාරගනිමින් නැවතත් විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පැමිණ සිටීම නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතාගේ මහත් සතුටට හේතුවක් වී තිබේ. 

“එයා විවිධාකාරයේ පහර රාශියක් තියෙන පිතිකරුවෙක්. ඒ වගේ කෙනෙක්ට පිතිකරු ලයිස්තුවේ ඕනෑම තැනකින් පිටියට එන්න පුළුවන්. මේ (වි-20) කණ්ඩායමට හිටපු ක්‍රීඩකයන් ආපසු එනවා වගේම තරුණ ක්‍රීඩකයනුත් එයාලගේ තැන හදාගන්න උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවක ලෙතම්ගේ නායකත්වය ඉතාමත් ප්‍රයෝජනයි” යයි ද නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා පවසා ඇත. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය අප්‍රේල් මස 02 වැනිදා ඕක්ලන්ඩ් නුවරදී ආරම්භ වේ. අප්‍රේල් මස 02, 05 සහ 08 වැනි දිනවල විස්සයි-20 තරග තුන පැවැත්වේ. 

ශ්‍රී ලංකාවට එරෙහි වි20 තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය

ටොම් ලෙතම් (නායකයා), චැඩ් බෝව්ස්, මාක් චැප්මන්, මැතිව් හෙන්රි, බෙන් ලිස්ටර්, ඇඩම් මිල්න්, ඩැරිල් මිචෙල්, ජේම්ස් නීෂම්, රචින් රවීන්ද්‍ර, ටිම් සේෆර්ට්, හෙන්රි ෂිප්ලේ, ඉෂ් සෝධි සහ විල් යංග්

- 213

 


අදහස් (0)

වි-20 නායකත්වයත් ලෙතම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.