
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 60 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක වාර්තාගත ජයක් ලැබීමට ගුජරාට් කණ්ඩායම සමත් විය.
ගුජරාට් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 9 වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමටද ගුජරාට් කණ්ඩායමට හැකි විය. අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා දිල්ලි කණ්ඩායමට තවත් තරග 2 ක් ඉතිරිව ඇති බැවින් මෙම තරගයේදී පරාජයට පත්වුවද, ඔවුන් තරගාවලියෙන් ඉවතට විසි නොවීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්යක් හඹාගිය ගිය ගුජරාට් ක්‍රීඩකයෝ ඕවර 19 ක් අවසානයේ කිසිවකු නොදැවීම ඉලක්කය සපුරගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සායි සුදර්ෂන් පන්දු 61 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 108 ක්ද, නායක ශුබ්මන් ගිල් පන්දු 53 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 93 ක්ද රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබාගත් අතර එහිදී අගනා ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් (නොදැවී 112) සමත් විය. පන්දු 65 කදී වාර්තා වූ රාහුල්ගේ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත විය. අභිෂේක් පෝරල් පන්දු 19 කින් ලකුණු 30 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 199
(ලොකේෂ් රාහුල් නොදැවී 112, අභිෂේක් පෝරල් 30, අක්සර් පටේල් 25, ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී 21)
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 19 කදී කිසිවකු නොදැවී 205
(සායි සුදර්ශන් නොදැවී 108, ශුබ්මන් ගිල් නොදැවී 93)



-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.