Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.සී.සී ක‍්‍රිකට් සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෝරා ගැනීම සඳහා කැඳවූ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත්ව සිටියි. එහිදී හසරංගට අමතරව තවත් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් මාෂ්, කඩුලූ රකින්නන් වන පාකිස්තානයේ මොහොමඞ් රිස්වාන් සහ එංගලන්තයේ ජොස් බට්ලර් ඒ සඳහා නිර්දේශ වූ සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
මේ වසරේ ජනවාරී 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාළය තුල ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මේ සම්මාන උළෙල පැවැත්විමට නියමිතව ඇත.
තරග දිනවීමට පිත්තෙන් ද දායක විය හැකි ක‍්‍රීඩකයෙකු ලෙසද, සීමිත ඕවර තරගවල දක්ෂතම දඟපන්දු යවන්නෙකු ලෙසින් ද දස්කම් දැක්වූ වනිඳු හසරංගට ගෙවී යන මේ වසර පෙරළිකාර වසරක් විය. මේ වසර තුලදී තරග 20 කට ක‍්‍රීඩා කරමින් කඩුලූ 36 ක් දවාගත් වනිඳුගේ කඩුලූ දවාගැනීමේ සාමාන්‍යය 11.63 කි.
අර්ධ ශතකයක් සමගින් ලකුණු 196 ක් ලබාගැනීමටද ඔහු සමත්විය.
වසර පුරා දිගින් දිගටම දස්කම් අතර සිටි හසරංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී වඩාත් කැපීපෙනෙන තරුවක් වූ අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමටද ඔහු සමත්විය.
කඩුළු 16 ක් දවාගනිමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නා බවට ද පත්වූ වනිඳු හසරංග අයර්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 71 ශ්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන්ට අමතක නොවන ඉනිමක් බවට පත්විය.
දකුණු අප‍්‍රිකාවට එරෙහිව සාජා හි පැවති තරගයේදී අමතක නොවන පන්දු යැවීමක් සිදුකරමින් කඩුලූ ත‍්‍රිත්වයකට හිමිකම් කීය. එහිදි ඞ්වේන් ප‍්‍රිටෝරියස්, ඒඞ්න් මාක‍්‍රම් සහ ටෙම්බා බවුමා ඔහුගේ කඩුලූ ත‍්‍රිත්වයේදී දවාගත් පිතිකරුවෝ වෙති.
වසරේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සඳහාවූ ඉදිරිපත්වූ අනෙකුත් නාමයෝජනා අතර අනෙක් තුන් ඉරියව් ක‍්‍රීඩකයා වූ ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් මාෂ් තරග 27 කදි ලකුණු 627 ක් ලබාගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 36.88 කි. කඩුලූ 8 කට ද හිමිකම් කියන මාෂ්ගේ කඩුලූ දවාගැනීමේ සාමාන්‍යය 18.37 ක් විය.
ප‍්‍රථම වරට විස්සයි20 ලෝක ශූරතාවය ඕස්ටේ‍්‍රලියාවට දිනා දීමේදී වැඩි කාර්ය බාරයක් කළ මිචෙල් මාෂ් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
තරග 29 කදී ලකුණු 1326 ක් රැස් කළ මොහොමඞ් රිස්වාන් 73.66ක සාමාන්‍යයක් සහ 134.89ක ප‍්‍රහාරක වේගයක් රඳවා ගැනීමට සමත්විය. දවාගැනීම් 24 කටද රිස්වාන් දායකවී ඇත.
මේ වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලානයේදී පාකිස්තානය අවසන් පූර්ව වටයට ගෙන යාමේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් කඩුල්ල පිටුපස සිට ශක්තියක් වූ රිස්වාන් එහිදී තුන්වන වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළේය.
වසර මුලදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලාහෝර්හිදී සිය ක‍්‍රීඩා දිවියේ මංගල විස්සයි20 ශතකය වාර්තා කළ ඔහු කරච්චිහිදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 87 ක විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වසර අවසන් කළේය. ලබන වසරේ තවත් විස්සයි20 ලෝක කුසලානයක් පැවැත්වීමට නියමිත බැවින්, රිස්වාන් තවදුරටත් එම දක්ෂතා අතර රැු`දී සිටිනු ඇතැයි පාකිස්තානය බලාපොරොත්තු වේ.
කඩුලූ රකින්නෙකු සහ පිතිකරුවකු ලෙස එංගලන්ත කණ්ඩායමට ශක්තියක් වූ ජොස් බට්ලර් මේ වසර තුලදී සහභාගිවූ තරග 14 කදී ශතකයක්ද සමගින් ලකුණු 589 ක් ලබාගෙන ඇත. ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 65.44 ක් ලෙස රඳවාගෙන ඇති බට්ලර් දවාගැනීම් 13 කටද දායක විය.
පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය අවසන් කරමින් බට්ලර් ලකුණු 269ක් ලබා ගත්තේය.
ශ‍්‍රී ලංකාවට එරෙහිව සාජාහිදී පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය ලබාගත් බට්ලර් එහිදි පන්දු 67 කදී හයේ පහර සහ හතරේ පහර 6 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 101 ක් රැස් කළේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.