Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසරේ විශිෂ්ටතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සධීර

වසරේ විශිෂ්ටතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සධීර

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ මියුසියස් විදුහල් සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ‘බාටා - සන්ඬේ ටයිම්ස්’ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක සම්මාන උළෙලේදී වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ සධීර සමරවික‍්‍රම සමත් විය. සධීර සමරවික‍්‍රම ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ උපනායකයාද වෙයි.
 
සම්මාන උළෙලට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති, හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක සනත් ජයසූරිය මහතා, ඔහුට එම සම්මානය ප‍්‍රදානය කළේය.

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට අමතරව වසරේ දක්ෂතම පිතිකරුවා සම්මානයටද හිමිකම් කීමට සදීර සමරවික‍්‍රම සමත්වූ අතර බංගලාදේශ, ඉන්දියා සහ ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් සමග පැවැති තරගාවලිවලදීද, අසියානු කුසලාන තරගාවලියේදී සහ අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දැක්වූ දක්ෂතා ඊට හේතු විය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ්ට වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක අනුශූරතාව හිමිවිය. අන්තර් පාසල් කි‍්‍රකට් තරග 14 කට සහභාගී වෙමින් ඉනිම් 23 ක් තුළ ලකුණු 1249 ක් රැස්කරමින් කඩුලූ 44 ක්ද දවාගත් ශානුක දුලාජ්, වසරේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයාට හිමි සම්මානය සහ වසරේ දක්ෂතම පිතිකරු අනුශූරතාවද දිනාගත්තේය.

කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ බිනුර ප‍්‍රනාන්දු, වසරේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේය. එහි අනුශූරතාව මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර්ට හිමිවිය.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ පි‍්‍රයමාල් පෙරේරා වසරේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත් අතර ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වනිඳු හසරංග, එහි අනුශූරතාව හිමිකර ගත්තේය.

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රමේෂ් මෙන්ඩිස්, දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩක අනුශූරතාවටද හිමිකම් කීවේය.

වසරේ දක්ෂතම කණ්ඩායමට හිමිවන සම්මානය පිට පිටම දෙවැනි වරටත් තමන් සතුකර ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සමත්වෙද්දී, එම කණ්ඩායම මෙහෙයවූ ඒ. කේ. ටිරෝන් වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගත්තේය.

තරග 19 කට සහභාගිවී ඉනිම් 29 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1448 ක් රැුසකරගෙන සිටි මාතර ශාන්ත තෝමස් විදුහලේ ලසිත් ලක්ෂාන්, නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට සමත් විය.

වසරේ නැගීඑන කණ්ඩායම ලෙස අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සම්මාන දිනාගත්තේ ඔවුන් සහභාගීවු තරග 15 න් 9 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී, තරග 5 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි. දක්ෂතම අන්තර් ජාතික පාසල ලෙස සම්මාන දිනාගත්තේ වත්තල ලයිසියම් විදුහලයි.

‘සන්ඬේ ටයිම්ස්’, ‘ඬේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වල පළවූ කුපන් පත් මගින් තෝරාගන්නා ලද වසරේ ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේ කොළඹ රාජකීය විදුහලේ රන්දේව් පතිරණයි. එහි නැගීඑන පාසල් කාණ්ඩයේ ශූරතාව පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ළහිරු විමුක්තිටත්, අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ශූරතාව ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන්ටත් හිමිවිය.
 
බාටා සමාගම සහ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත එක්ව 35 වැනි වරටත් මෙම සම්මාන උළෙල සංවිධානය කළේය.


වසර 2014 බාටා සන්ඬේ ටයිම්ස් සම්මාන ලද්දෝ


සමස්ත ලංකා පාසල් කාණ්ඩය
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - සධීර සමරවික‍්‍රම (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල)
අනුශූරතාව - ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර විදුහල)
තෙවැනි ස්ථානය - රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)

දක්ෂතම පිතිකරු
ශූරතාව - සධීර සමරවික‍්‍රම (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල)
අනුශූරතාව - ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර විදුහල)

දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - බිනුර ප‍්‍රනාන්දු (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල)
අනුශූරතාව - රවීන් සේයර් (මහනුවර ති‍්‍රත්ව විදුහල)

දක්ෂතම පන්දු රකින්නා  
ශූරතාව - පි‍්‍රයමාල් පෙරේරා (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල)
අනුශූරතාව - වනිඳු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල)

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව - ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර විදුහල)
අනුශූරතාව - රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)

දක්‍ෂතම නායකයා
ශූරතාව - ඒ. කේ. ටිරෝන් (ගාල්ල රිච්මන්ඞ් විදුහල)

දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - ගාල්ල රිච්මන්ඞ් විදුහල

ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - රන්දේව් පතිරණ (කොළඹ රාජකීය විදුහල)
අනුශූරතාව - ළහිරු වික‍්‍රමසිංහ (කඳනා ද මැසිනොද් විදුහල)

 

නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - ලසිත් ලක්ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල)

දක්ෂතම පිතිකරු
ශූරතාව - ලසිත් ලක්ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල)
අනුශූරතාව - තාරක ධනංජය (කොළඹ කේරි විදුහල)

දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - යසිරු හෙවනදුගල (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - කසුන් තාරක (අම්බන්ගොඩ පී. ද එස්. කුලරන්ත විදුහල)

දක්ෂතම පන්දු රකින්නා  
ශූරතාව - රමිඳු නිකේෂල (රත්ගම දේවපතිරාජ විදුහල)
අනුශූරතාව - මේනුක මනුජය (කෑගලූ විද්‍යාලය)

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව - ලසිත් ලක්ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල)
අනුශූරතාව - දිල්ෂාන් කාංචන (රත්ගම දේවපතිරාජ විදුහල)

ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - ළහිරු විමුක්ති (පානදුර ශ්‍රී සුමංගල විදුහල)
අනුශූරතාව - ධනුෂ්ක ළහිරු (ගාල්ල විද්‍යාලෝක විදුහල)

දක්‍ෂතම කණ්ඩායම්
බස්නාහිර පළාත් ශූරතාව - කොළඹ කේරි විදුහල
මධ්‍යම පළාත් ශූරතාව - මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
දකුණු පළාත් ශූරතාව - අම්බන්ගොඩ පී. ද එස්. කුලරන්ත විදුහල
සබරගමු පළාත් ශූරතාව - කෑගලූ විද්‍යාලය
උතුරු පළාත් ශූරතාව - යාපනය ශාන්ත ජෝන් විදුහල
වයඹ පළාත් ශූරතාව - කුරුණෑගල ශාන්ත ආනා විදුහල
උතුරු මැද පළාත් ශූරතාව - අනුරාධපුර මධ්‍ය මහා විදුහල

දක්‍ෂතම නැගී එන කණ්ඩායම
ශූරතාව - අනුරාධපුර මධ්‍ය මහා විදුහල

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය
වසරේ අන්තර් ජාතික පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - අදීශ යාපා (ඇලීතියා ජාත්‍යන්තර පාසල)

දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
අනුශූරතාව - පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල

ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - රොමේෂ් මධුෂාන් (ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල)

 

-036

 

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම පිතිකරු - ශූරතාව - සධීර සමරවික‍්‍රම (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම පිතිකරු - අනුශූරතාව - ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පන්දු යවන්නා - ශූරතාව - බිනුර ප්‍රනාන්දු (ඩී.එස්. සේනානායක විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම පන්දු යවන්නා - අනුශූරතාව - රවින් සේයර් (මහනුවර ත්‍රිත්ව විදුහල)
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පන්දු රකින්නා  - ශූරතාව - ප්‍රියමාල් පෙරේරා (ශාන්ත ජෝශප් විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම පන්දු රකින්නා - අනුශූරතාව - වනිඳු හසරංග (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා - ශූරතාව - ශානුක දුලාජ් (මොරටුව වේල්ස් කුමර විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 

 


දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා - අනුශූරතාව - රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජනප‍්‍රියම කී‍්‍රඩකයා - ශූරතාව - රන්දේව් පතිරණ (කොළඹ රාජකීය විදුහල)

 

 

 

 

 

 

 

 

 

 

 

 

හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම - ගාල්ල රිච්මන්ඩ් විදුහල

 

 

 


අදහස් (0)

වසරේ විශිෂ්ටතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සධීර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.