Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) පැවැති තරගවලදී ජය ලබා දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ජී.එස්.සී. වර්ණකුලසූරිය සහ ඒ.ඩබ්.ඒ. ජයතිස්ස සමත් වූහ.
කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ තරග වැදුණ වර්ණකුලසූරිය මූලික වටයේදී ලකුණු 4-3 ක් ලෙස කිරිගිස්ථාන ක්‍රීඩක ඇනරෙලි අනර්බෙකොව් පරාජය කරමින් දෙවැනි වටයට පිවිසියේය. කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ තරග වැදුණු ජයතිස්ස දෙවැනි වටයට පිවිසියේ මූලික වටයේදී ලකුණු 5-0 ක් ලෙස සවුදි අරාබියේ මොහොමඩ් අල්හදරි පරාජය කරමිනි.
ඊයේ දිනයේදී තරග වැදුණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ අයි.එන්.ඩී. තත්සර (කි.ග්‍රෑ. 51 බර පංතිය), වී.එස්. හෙට්ටිආරච්චි (කි.ග්‍රෑ. 54 බර පංතිය) සහ එම්.ටී. ආසිල් (කි.ග්‍රෑ. 60 බර පංතිය) ඔවුන් සහභාගි වූ තරග වලදී පිළිවෙලින් කසකස්ථාන ක්‍රීඩක දොසිම්සාන් ටැන්ගටාර්, කසකස්ථාන ක්‍රීඩක අල්දියාර් බඛදූර් සහ ඉන්දියාවේ එම්. මෝහිත්ද හමුවේ පරාජයට පත්වූහ.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් සහභාගි වී සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 33 කි.
වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. වයස 22 න් පහළ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙක්ද, ක්‍රීඩිකාවෝ 10 ක්ද තරග වදින අතර යොවුන් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් තරග වදිනු ඇත.
තරග ප්‍රතිඵල
කිලෝ ග්‍රෑම් 48 බර පංතිය
ජී.එස්.සී. වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 4-3 ක් ලෙස ඇනරෙලි අනර්බෙකොව් (කිරිගිස්ථානය) පරාජය කරන ලදි.
කිලෝ ග්‍රෑම් 51 බර පංතිය
දොසිම්සාන් ටැන්ගටාර් (කසකස්ථානය) විසින් ලකුණු 5-0 ක් ලෙස අයි.එන්.ඩී. තත්සර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
කිලෝ ග්‍රෑම් 54 බර පංතිය
අල්දියාර් බඛදූර් (කසකස්ථානය) විසින් ලකුණු 5-0 ක් ලෙස වී.එස්. හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
කිලෝ ග්‍රෑම් 57 බර පංතිය
ඒ.ඩබ්.ඒ. ජයතිස්ස (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 5-0 ක් ලෙස මොහොමඩ් අල්හදරි (සවුදි අරාබිය) පරාජය කරන ලදි.
කිලෝ ග්‍රෑම් 60 බර පංතිය
එම්. මෝහිත් (ඉන්දියාව) විසින් ලකුණු 4-1 ක් ලෙස එම්.ටී. ආසිල් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.