වකුගඩු රෝග වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක අරමුදලට ආධාර වශයෙන් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරිපත් විය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා විසින් ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (1 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි:20 තරගය ආරම්භයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඒ සම්බන්ධ චෙක්පත පිරිනමන ලදි.
මෙම අවස්ථාවේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් සහ වත්මන් එක්දින හා වි:20 කණ්ඩායම් වල ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනා වකුගඩු රෝග වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සන්නාම තානාපතිවරුන් ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නම්කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.