Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විරෝධතා විමර්ශනය අර්බුදයක් වෙයි

විරෝධතා විමර්ශනය අර්බුදයක් වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ විරෝධතා විමර්ශනය දිවුරුම් පෙත්සම් හා තර්ක විතර්ක හමුවේ දෙවැනි දිනයටත් ඇදී ගිය අතර ඒ සම්බන්ධයෙන් නිලවරණ කමිටුවේ තීන්දුව හෙට (13) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව වාර්තා වේ. නිලවරණ කමිටුවේ සභාපති ආර්.බී. වික්‍රමසිංහ මහතාගෙන් ‘ලංකාදීපය’ ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ සිය කමිටුවේ නිගමන අද ප්‍රකාශයට පත්කරන බවයි.

නාම යෝජනා පිළිබඳ විරෝධතා විමර්ශනය දෙවැනි දිනයටත් කළ නිලවරණ කමිටුව සිය අවසන් නිගමනය හා තීන්දු ගැනීම සඳහා ඊයේ පස්වරුවේදීත් ක්‍රීඩා අමාත්‍යාංශයේදී රැස්විය. පාපන්දු නිලවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්‍ෂකයන්ට එරෙහිව ගොනු කර තිබෙන විරෝධතා වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන මෙසේ ඊයේ දෙවැනි දිනටත් ඇදී ගියේය.

සහකාර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ සහාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජෝශප් කත්‍රි, ගාමිණි ජයසිංහ, තිලක් අල්ෆොන්සෝ හා එන්.කේ. අබේසිංහ යන මහත්වරුන්ය.

විරෝධතා විමර්ශනයේදී වඩාත්ම අවධානයෙන් යොමුව තිබෙන්නේ සභාපති තනතුරට තරග වදින රංජිත් රුද්‍රිගු මහතාට එරෙහිව ගොනු වී තිබූ විරෝධතාව සම්බන්ධයෙනි. එහිදී පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් රුද්‍රිගු මහාතට එරෙහිව ඉදිරිපත් කර තිබූ විරෝධතාවයක්ද අවධානයට යොමු විය. එම පාපන්දු ක්‍රීඩකයන් කීපදෙනකු ඊයේ නිලවරණ කමිටුව හමුවට පැමිණෙමින් ඒ පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කර තිබේ.

මේ අතර තමන් පාපන්දු ක්‍රීඩාවේ වසර ගණනාවක් නිරත වුණු ක්‍රීඩකයෙකු බවට සනාථ කිරීම සඳහා ලියකියවිලි හා තරග හැඳුනුම්පත් ගණනාවක්ම රුද්‍රිගු මහතා නිලවරණ කමිටුවට ඉදිරපත් කර තිබේ. එම ලියකියවිලි හා හැඳුනුම්පත්වලට එරෙහිව අනුර ද සිල්වා පාර්ශ්වය දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා රුද්‍රිගු මහතාගේ නාම යෝජනාව සම්බන්ධයෙන් ගොනු වී තිබෙන විරෝධතා විමර්ශනය වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන තිබේ.

ඒ අතර හාලිඇල පාපන්දු ලීගයෙන් අපේක්‍ෂකයන් දෙදෙනකු යෝජනා කර සිටිම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන විරෝධතාවයක්ද ඊයේ සාකච්ඡාවට ගෙන තිබේ. එහිදී ඩී. චන්ද්‍රසිරි මහතා නිලවරණ කමිටුවට ලියවිල්ලක් මගින් පෙන්වාදී ඇත්තේ ඒ සඳහා ප්‍රථමයෙන් හාලිඇල ලීගයෙන් ඉදිරිපත් කර ඇත්තේ තමාගේ නාම යෝජනාව බැවින් එය නිත්‍යානුකූලව පිළිගත යුතු බවය. හාලි ඇල පාපන්දු ලිගයෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති අනෙක් තැනැත්තා රංජිත් රුද්‍රිගු මහතාය.

මෙවර පාපන්දු සභාපති ධුරයට නාම යෝජනා ඉදිරිත් කිරීමේදි රුද්‍රිගු මහතාගේ නාමයෝජනාව පාපන්දු ලීග 26 ක් විසින් අනුමත කරනු ලැබ ඇත. අනුර ද සිල්වා මහතාගේ නාම යෝජනාවට අනුමැතිය ලැබී ඇත්තේ ලීග 10 කින් පමණි.

 මේ වන විට පාපන්දු නාම යෝජනා විරෝධතා විමර්ශනය කෙතරම් සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබේද යන්න හෙළිවන්නේ එක් සභාපති අපේක්‍ෂකයෙකු ජපානයේදී අතුරුදන්වූ අයෙකු බවට දක්වමින් ඔහුට එරෙහිව ආසියානු පාපන්දු සමුළුවට, අන්තර් ජාතික පාපන්දු සමුළුවට හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයටද විරෝධතා ඉදිරිපත්වීම හේතුවෙනි.

 පාපන්දු  සම්මේලනයේ නිලවරණය ජූලි 1 වැනිදා පැවැත්වීමට නියමිව තිබේ. කෙසේ වුවත් එය එදින පැවැත්වීමට නම් සම්මේලනයේ පසුගිය කාලයේ විගණන වාර්තාව අනිද්දාට (15) පෙර ලැබිය යුතුව ඇත.

 


අදහස් (0)

විරෝධතා විමර්ශනය අර්බුදයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.