Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විතීවි ක්‍රමවේදය විස්සයි-20 තරග වලටත්

විතීවි ක්‍රමවේදය විස්සයි-20 තරග වලටත්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් තරගවලටත් විනිසුරු තීරණ විමසීමේ (වි.තී.වි.) ක්‍රමවේදය නිර්දේශ කිරීමට  අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව සිය වාර්ෂික රැස්වීමේ දී තීරණය කළේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බල්ගේ ප්‍රධානත්වයෙන් යුතු අයි.සී.සී. ක්‍රිකට් කමිටුව එහිදී නිර්දේශ කළ තවත් වැදගත් කරුණක් වන්නේ අවිනීතව හැසිරෙන ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවන්ට බලය පවරාදීමයි.

මෙහිදී නිර්දේශ කළ කරුණු අතරින් තවත් වැදගත්ම කරුණක් වන්නේ පිතිකරුවා කඩුල්ල මුවා කිරීමේ වරද සම්බන්ධයෙන් යම්කිසි කණ්ඩායමක් විනිසුරු තීරණ විමසීමේ පිහිට පැතූ විට එහි අවසන් තීන්දුව ගැනීම පිටියේ විනිසුරුට පවරා දෙන්නේ නම් එම කණ්ඩායමට ඔවුන් ඒ සඳහා පාවිච්චි කළ ඔවුන්ගේ වි.තී.වි. අවස්ථාව අහිමි නොකිරීමය. අනික් කරුණ ටෙස්ට් තරගයකදී ඕවර 80 කින් පසුව වි.තී.වි. අවස්ථා නැවත අලුත් කිරීම ඉවත් කර දැමීමය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම ගැන අවධානය යොමු කරන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුව ටෙස්ට් තරගා ශූරතාවලියක් පැවැත්වීමේ අදහසට සහයෝගය ලබාදීමට ඒකමතිකව තීරණය කර තිබේ.

එමෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුළත් කිරීමේ යෝජනාවටද  පූර්ණ සහය පළ කිරීමටත් ක්‍රිකට් කමිටුව තීරණය කර ඇත.

අයි.සී.සී. ක්‍රිකට් කමිටුව ‘වසර 2017 සඳහා සංශෝධිත ක්‍රිකට් නීති සංග්‍රහය‘ ගැනත් අවධානය යොමු කර තිබේ. එහි අඩංගු සංශෝධනයට ලක්වූ නීති වැඩි කොටසක් ක්‍රීඩාවට භාවිත කිරීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

පිටියේදී නීති විරෝධි ලෙස හෝ අවිනීතව හැසිරෙන ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කිරිමට තරග විනිසුරුට බලය පවරා දීම නිර්දේශ කිරීම එහි වඩාත්ම කැපී පෙනෙන කාරණාවයි.

ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය සහ එහි කොන්වල ඝණත්වය සඳහා සීමා නිර්ණයන් පනවා තිබේ. යම්කිසි පිතිකරුවකු හෝ පිතිකාරිනියක ලකුණක් සඳහා දිවයාමෙන් පසුව හෝ දුවද්දී දැවීයාමකින් බේරීමට සීමා ඉර වෙත පැනීමේදී සිය පිත්ත පොලොවේ ගැටී නැවත ඉහළට එසැවීමෙන් වළක්වා ගැනීමට මෙමගින් වාසියක් ලැබේ.

අයි.සී.සී. ප්‍රධාන විධායකවරුන්ගේ කමිටුව මේ නිර්දේශවලට අනුමැතිය දීමට කටයුතු කළහොත් අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ නිර්දේශ ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

ක්ලේරා කෝනර්, රාහුල් ද්‍රාවිඞ්, ඒඩි්‍රයන් ග්‍රිෆිත්, මහේල ජයවර්ධන, ඩේවිඩ් කෙන්ඩික්ස්, රිචඞ් කෙට්ල්බරර්, ඩැරන් ලීමන්, රන්ජන් මඩුගල්ල, ටිම් මේ, කෙවින් ඕ’බ්‍රයන්. ෂෝන් පොලොක්, ජෝන් ස්ටීවන්සන්. ඇන්ඩෘ ස්ට්‍රෝස් සහ ඬේවිඞ් වයිට් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.


- 077

 


අදහස් (0)

විතීවි ක්‍රමවේදය විස්සයි-20 තරග වලටත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.