Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විජය - ක‍්‍රිස්තුදේව රිට්ස්බරි කුසලාන දිනති

විජය - ක‍්‍රිස්තුදේව රිට්ස්බරි කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ එඞ්වර්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති සමස්ත ලංකා හොකී තරගාවලියේ සම ශූරතා දිනාගැනීමට මාතලේ විජය විදුහල සහ මාතලේ ක‍්‍රිස්තුදේව විදුහල සමත්විය. දෙපිල අතර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම නිසා දෙපිලටම ‘රිට්ස්බරි’ කුසලාන සමසේ හිමිවිය.

මාතලේ විජය විදුහලේ ගිහාන් සංගීත් අමරසිංහ සහ මාතලේ ක‍්‍රිස්තුදේව විදුහලේ  එස්. එස්. චන්ද්‍රසේන තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයෝ ලෙස සම්මාන දිනාගත්හ.

අවසන් පූර්ව වටයේදී ගෝල 2-1 ක් ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල පරාජය කරමින් විජය විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ක‍්‍රිස්තුදේව විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයයේදී ගෝල 5-1 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් සාන්ත තෝමස් විදුහල පරාජය කර ගෝල 2-1 ක ජයක් ලැබීමට ජෝශප් වාස් විදුහල සමත් විය.

කොළඹ රාජකීය, ආනන්ද, වෙස්ලි, ඞී. එස්. සේනානායක, සහිරා, ගල්කිස්ස සාන්ත තෝමස්, මාතලේ ශාන්ත තෝමස්, විජය, ක‍්‍රිස්තුදේව, මහනුවර ධර්මරාජ, ත‍්‍රිත්ව, ශාන්ත සිල්වෙස්ටර්, යාපනය විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස්, වෙන්නප්පුව ජෝශප් වාස්, මීගමුව මාරිස්ටෙලා, ගම්පහ බණ්ඩාරනායක සහ බදුල්ල ධර්මදුත යන විදුහල් මෙම තරගාවලියට සහභාගී වූහ.

මාතලේ ශාන්ත තෝමස් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකය ලෙස රිට්ස්බරි සාමාගම කටයුතු කළේය.

 

 

සිලෝන් බිස්කට් සමාගමේ සහකාර ක්ෂේත‍්‍ර අළෙවි කළමනාකාර උපුල් නවරත්න මහතා අතින් මාතලේ විජය කණ්ඩායම් නායක මාලිංග බණ්ඩාර සහ මාතලේ ක‍්‍රිස්තුදේව කණ්ඩායම් නායක ක‍්‍රිෂාන් කුමාරසිංහ ‘රිට්ස්බරි’ සම ශූරතාව ලබාගත් අයුරු...

ක්ෂේත‍්‍ර අලෙවි කළමනාකාර අතුල දිසානායක, සිලෝන් බිස්කට් සමාගමේ සහකාර ප‍්‍රවර්ධන කළමනාකාර පංචමයා රත්නායක, මාතලේ ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය හොකී සංගමයේ තරගාවලි ලේකම් එරික් හුලංගමුව සහ තරගාවලි අධ්‍යක්ෂ ඉන්ද්‍රවංශ හේරත් යන මහත්වරුද ජායාරූපයේ වෙති.

- 036


අදහස් (0)

විජය - ක‍්‍රිස්තුදේව රිට්ස්බරි කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.