Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක ශූරියගේ තැන හොල්ලන්න බැරි වෙයි

ලෝක ශූරියගේ තැන හොල්ලන්න බැරි වෙයි

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ‍්‍රී ලංකාවේදී පැවැති පළමු වෘත්තීය බොක්සිං තරගාවලියේදී පිලිපීනයේ ජුජියාත් නග ඕවා පරාජය කරමින් ඇටම් බර පංතියේ ලෝක බොක්සිං සංවිධාන බඳපටිය තවදුරටත් තමන් සතුකර ගැනීමට එම බර පංතියේ වත්මන් ලෝක ශූරිය වන ජපානයේ නාවෝ ඉකෙයාමා සමත් වූවාය.


වට දහයකින් සමන්විත වූ තරගයේදී ක‍්‍රීඩිකාවන් දෙදෙනාම ආක‍්‍රමණශීලීව ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි. නමුත් තරගයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත් වූයේ අත්දැකීම් බහුල නාවෝ ඉකෙයාමාය.


විනිසුරුවන් තිදෙනාම ලෝක ශූරිය වන නාවෝ ඉකෙයාමාට වැඩි ලකුණු ලබාදී තිබිණි.  ඔුවුහු ලබාදුන් ලකුණු සටහන් වී තිබුණේ 97-93, 96-94, 98-92 ක් ලෙසය.


ශූරතා තරගයට අමතරව සුපර් ෆ්ලයි බර පන්තියේ ප‍්‍රදර්ශන තරගයක්ද පැවති අතර බැන්ටම් බර පන්තියේ ලෝක ශූරිය වන ජපානයේ ටමාවෝ ඔසාවාට එරෙහිව තායිලන්තයේ සිරිලැක් මුවන්ග්චුවෙන් එහිදී තරග වැදිණ.


ටමාවෝ ඔසාවා එම තරගයෙන් පහසු ජයක් වාර්තා කළේ සිරිලැක් මුවන්ග්චුවෙන් තරගයෙන් ඉවත් කරමිනි. ප‍්‍රදර්ශන තරගයක් වූ එම තරගය වට අටකින් සමන්විත වුවත් තරගය පැවැතියේ වට තුනක් පමණි. අභියෝගය එල්ල කළ තායිලන්ත ක‍්‍රීඩිකාව ලෝක ශුරියගේ දැවැන්ත ප‍්‍රහාර හමුවේ තරගයෙන් ඉවත් වූවාය.


හිටපු සුපිරි ජපාන මල්ලවපොර ශූරයෙකු සහ දේශපාලඥයෙකු වන ඇන්ටෝනියෝ ඉනෝකි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම තරගාවලිය නැරඹීමට ආරාධිතයන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග යන මහත්වරුවරුද සහභාගි වූහ.


ජපානයේ ‘ෆියුචර් ප‍්‍රමෝෂන්ස්’ සංවිධානය නියෝජනය කරමින් යසුෂි හිරයාමා සහ ‘ග්ලෝබල් ස්පෝර්ට්ස්’ සංවිධානය නියෝජනය කරමින් ඩයිසුකේ කාටෝ යන මහත්වරු අනුග‍්‍රාහකයින් ලෙස තරගාවලියට එක් වූහ.

 

 

-036

 


අදහස් (0)

ලෝක ශූරියගේ තැන හොල්ලන්න බැරි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.