Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක ශූර ජර්මනිය හිස් අතින් ගෙදර යයි

ලෝක ශූර ජර්මනිය හිස් අතින් ගෙදර යයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගියවර ශූරයන් වූ ජර්මනිය මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම එළියට ඇදදමමින් ගෝල 2-0 කින් ජයගත් කොරියාව මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කළද, ඔවුන්ටද තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.  ‘එෆ් ’ කාණ්ඩයේ අවසන් තරගය වූ මෙය රුසියාවේ කසාන් ක්‍රීඩාංගනයේදී අද (27) පැවැත්විණ.

ලෝක කුසලාන තරගාවලි 21 න් 19 කටම ක්‍රීඩාකර ඇති ජර්මනිය මෙවර පළමු වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියට තිත තබනු ලැබුවේ වසර 80 කට පසුව වීම විශේෂත්වයකි. 1938 වසරේ පළමු වටයෙන්ම ලෝක කුසලානයෙන් ඉවත් වන ජර්මනිය ඉන්පසු සෑම තරගාවලියකම දක්ෂතා දැක්වීය. සිව් වතාවක් ලෝක ශූරයන් වූ ජර්මනිය මෙවර ආරම්භක තරගයේදීම මෙක්සිකෝවට එරෙහිව ගෝල 1-0 කින් පරාජයට පත්වීමත් සමග තරගාවලිය ආරම්භයේදීම දැඩි අවදානමක් ගැනීමට සිදුවිය. එහෙත් ස්විඩනයට එරෙහිව ගෝල 2-1 කින් ජය ගැනීමත් සමග මෙවර තරගාවලියේ රැදී සිටීමට යම් බලාපොරොත්තුවක් තබා ගැනිමට ඔවුන්ට හැකියාව ලැබිණ. එහෙත් මෙක්සිකෝව සහ ස්වීඩනය අතර පැවැති තරගයෙන් ස්වීඩනය අද ජය ලබා අවසන් 16 වටයට සුදුසුකම් ලැබීය.  ජර්මනියට අවසන් 16 වටයට සේන්දුවීමට නම් කොරියාවට එරෙහිව පැවැති තරගය ජය ගැනීම අනිවාර්ය වුවත් එය අසාර්ථක වීම නිසා ලෝක කුසලාන සිහිනය බොඳවිය.

තරගයේ අවසානය තෙක්ම 16 වටයට රිංගා ගැනීමට මංපෙත් සෙවූ ජර්මනියට එයින් එක් අවස්ථාවක්වත් සාර්ථක කර ගැනීමට හැකියාවක් නොලැබුණි. තරගයේ 55 වැනි මිනිත්තුවේදී කොරියාවට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් පැවතියත් එයද අසාර්ථක විය. නැවතත් 88 වැනි මිනිත්තුවේ ජර්මනියේ මැට්ස් හමේල්ස් හිසෙන් දැලවෙත පන්දුව යොමු කිරිමට ගියද, එයද දැලට ඉහළින් ගමන් කිරිම නිසා එවරද ජර්මනියේ බලාපොරොත්තු සුන්විය.

තරගයේ අවසන් විනාඩි කිහිපය පුරාවටම ජර්මනියට ගෝලයක් වාර්තා කිරිමට බොහෝ අවස්ථා පැවතියත් ඔවුන්ගෙන් එය උදුරාගත් කොරියාව තරගයේ 93 වැනි මිතිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් සම්පූර්ණයෙන්ම තරගය කනපිට හරවනු ලැබීය.

එයින් නොනැවතුණු කොරියාවේ සොන් හෙයුන්ජ්මින් 96 වැනි මිනිත්තුවේදී ජර්මන් දැල රකින්නාද පසු කරමින් ඉදිරියට පැමිණ කෙළින්ම පන්දුව දැල වෙත යොමු කරමින් මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කළේය.

තරගයේ අවසානය තෙක්ම දක්ෂ දැල රැකීමක නියුතු වූ කොරියාවේ ජෝ හියොන්වෝ තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

ජර්මනිය සහ කොරියාව තරගාවලියෙන් ඉවතට යද්දී, මෙක්සිකෝව සහ ස්වීඩනය අවසන් 16 දෙනාගේ වටයට තේරී පත්විය.

 

 

- 024

 


අදහස් (0)

ලෝක ශූර ජර්මනිය හිස් අතින් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.