Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක යොවුන් දැල්පන්දු සංචාරය විනෝද සවාරියකට හැරෙයි

ලෝක යොවුන් දැල්පන්දු සංචාරය විනෝද සවාරියකට හැරෙයි

editorial - 2025 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( නාමල් පතිරගේ)

වීසා ලබා ගැනීමේ ප්‍රශ්නය මුල් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (21) වන විටත් සංචාරය සදහා තවදුරටත් දිවයිනෙන් පිටත්ව යාමට නොහැකිවීම නිසා ජිබ්‍රොල්ටාවේදී පසු ගිය සිකුරාදා (19) ආරම්භ වූ ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියේදී මූලික වටයේ සිය දෙවැනි තරගයත් ප්‍රතිවාදීනියන්ට නිතරග ජයක් ප්‍රදානය කරමින් අත් හැර දැමීමට සිදු විය.

ශ්‍රී ලංකාවට සෙනසුරාදා (20) එංගලන්තය සමග යෙදී තිබූ තරගය හා ඊයේ (21) වේල්සය සමග යෙදී තිබූ තරග දෙකක නිතරග ජය ඒ අනුව ප්‍රතිවාදිනියන්ට හිමි විය.

සංචාරයට තවදුරටත් සහභාගි වීමට අපේක්ෂාවෙන් පසු වන ශ්‍රී ලංකා කණ්ඩායමට අද (22) ජැමෙයිකාව සමග මූලික වටයේ සිය තෙවැනි තරගය යෙදී තිබේ. එහෙත් අද ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියත් කටාර් ලංඩන් හරහා දීර්ඝතම ගුවන් ගමනකින් පසුව ඔවුන්ට ජිබොල්ටාවට ළගාවීමට සිදු වන බැවින් අද තරගයද නිසැකවම අත් හැර දැමීමට සිදු වනු ඇත.

මූලික වටයේ සිය සිව් වැනි (අවසන්) තරගය ශ්‍රී ලංකාවට යෙදී ඇත්තේ බදාදා (24) ය ටොංගා රාජ්‍යයට එරෙහිවය. ඒ අනුව අද (22) ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියත් ඔවුන්ට සහභාගි විය හැක්කේ එම තරගයට පමණි.

කෙසේවූවත් එම තත්වය තුළ තරගාවලියට සහභාගි වීමේ අරමුණ බිද වැටෙන තත්වයක් තුළ ශ්‍රී ලංකාව ජිබ්‍රොල්ටා ලෝක යොවුන් දැල්පන්දු තරග සංචාරය අත් හැර දැමීම වඩාත් ඵළදායි බවට බවට ඊයේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත්ව තිබූ බවද වැඩිදුරටත් වාර්තාවේ.

එහෙත් ජිබ්‍රොල්ටා තරග සංවිධායකයන්ට තරගාවලියෙන් ඉවත් වන බවට ශ්‍රී ලංකාව නිල වශයෙන්  දැනුම් දීමක් කර නොතිබූ බැවින් ඊයේ වන විටත් නිල තරග කාල සටහන ඒ ලෙසම ක්‍රියාත්මක වෙමින් තිබුණි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පසු ගිය 2024 මැයි 30 වැනිදා සිට තාවකාළිකව අත් හිටුවා තිබෙන ක්‍රීඩා ඇමැතිවරයා එහි කටයුතු පවත්වා ගෙන යාම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා (රාජකාරී පැවැරුම්) පවරා තිබේ. මෙම තරග සංචාරය සදහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම ප්‍රමාද කිරීමත් හා ඒ සදහා නිසි ලෙස සම්බන්ධිකරණ කටයුතු සූදානම් නොකිරීම සම්බන්ධයෙනුත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයට දැඩි ලෙස චෝදනා එල්ලවී තිබේ.

ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනිය වන ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ලෝක දැල්පන්දු සම්මේලනයේ ආරාධනයෙන් මෙම තරග සංචාරයට සහභාගිවී සිටියි.


අදහස් (0)

ලෝක යොවුන් දැල්පන්දු සංචාරය විනෝද සවාරියකට හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.