Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලොව වේගවත්ම කාන්තාව ෂර්ලි

ලොව වේගවත්ම කාන්තාව ෂර්ලි

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකාවේදී දැන් පැවැත්වෙන 18 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 (කාන්තා) ඉසව්ව නව වාර්තාවක් පිහිටුවමින් තත්පර 10.67 කට ජයගත් ජැමෙයිකානු සුපිරි ධාවන ශූරි ෂර්ලි ඈන් ෆ්‍රෙසර් ලෝකයේ වේගවත්ම කාන්තාවට හිමි තැන තවදුරටත් රැක ගැනීමට සමත් වූවාය.

මෙහි විශේෂත්වය 35 හැවිරිදි ඇය වසර 2009 බර්ලින් තරගාවලියේ සිට පිට පිටම මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම තහවුරු කර සිටීමයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) පාන්දර පැවැති මෙවර ලෝක ශූරතා මීටර 100 (කාන්තා) ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනම ජැමෙයිකානු සුපිරි ධාවන ශූරියන් විසින් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනේ.

ඒ අනුව ජැමයිකානු ක්‍රීඩිකා ෂෙරිනා ජැක්සන් තත්පර 10.73 කට ඉසව්වේ සිය මෙතෙක් හොඳම දක්ෂතාවය පළකරමින් රිදී පදක්කම දිනීය. තත්පර 10.81 කට එලීනා තොම්සන් හේරා එහි ලෝකඩ පදක්කමත් ජැමෙයිකාවට හිමිකර දීමට ඒ අනුව මෙවර ලෝක ශූරතා තරගාවලියේ දී සමත් වූවාය.

එලීනා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභිනිය ද (තත්ත්පර 10.61) වන අතර ඇය ලෝක ශූරතා තරගාවලියේ දී යම් පසුබෑමක් ලැබුවත් රන් පදක්කම්ලාභී ෂර්ලි ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ඉසව්වේ හිමි කරගෙන ඇත්තේ රිදී පදක්කමයි. ඒ ත්ත්පර 10.74 කටය.

මෙවර ලෝක ශූරතා තරගාවලියේ දී මීටර 100 (කාන්තා) ඉසව්ව ජය ගත් මෙම ජැමෙයිකානු ක්‍රීඩිකාවන් තිදෙනාම ඔලිම්පික් හා ලෝක ශූරතා පදක්කම් ගණනාවක් මීට පෙර දිනා ගත්තෝ වෙති.

රන් පදක්කම්ලාභිනි ජැමෙයිකානු ක්‍රීඩිකා ෂර්ලි ඈන් මූලික වටයේ දී තත්ත්පර 10.83 ක කාලයක් ද හා අවසන් පූර්ව වටයේ දී තත්පර 10.93ක කාලයක් ද වාර්තා කරමින් මෙවර මීටර 100 (කාන්තා) අවසන් තරගයට නිර්දේශ තහවුරු කර ගත්තාය.

ලබන ඉරිදා (24) දක්වා ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ‘ඉයුජින්’ නුවර දී පැවැත්වෙන 18 වැනි ලෝක ශූරතා තරගාවලියේ දී අද (18) දිනය නිමාවේදී සත්කාරක ඇමරිකාව රන් පදක්කම් හයක් දිනාගනිමින් පෙරමුණේ පසුවිය. ඉතියෝපියාව ඒ වන විට රන් පදක්කම් දෙකක් දිනා දෙවැනි තැනේ පසුවිය.

රටවල් 19ක් ඒ වන විට පදක්කම් දිනාගෙන තිබුණි.

 


අදහස් (0)

ලොව වේගවත්ම කාන්තාව ෂර්ලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.