බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් (බී. පී. එල්) ක‍්‍රිකට් තරගාවලියේදී (2013) මුදලට තරග පාවාදීම සඳහා ඔට්ටුකරුවන් කළ යෝජනාවක් පිළිබඳව බලධාරීන් දැනුම්වත් නොකිරීම ගැන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පරීක්‍ෂණයකට ලක් වී සිටින ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක කෞෂාල් ලොකුආරච්චි ‘චැම්පියන්ස් ලීග්’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි කරවීමෙන් ඔහුගේ ක‍්‍රීඩා දිවියට හානියක් වියහැකි යයි කි‍්‍රකට් කී‍්‍රඩාව හා සෘජුවම සම්බන්ධවී සිටින නීතිය පිළිබඳ දැනුමැත්තෝ පවසති.
මේ මස 17 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ‘චැම්පියන්ස් ලීග්’ ක‍්‍රිකට් තරගාවලියේදී කෞෂාල් ලොකුආරච්චි ‘කඳුරට මෙරූන්ස්’ පිල නියෝජනය කිරීමට තෝරාගනු ලැබ ඇත. ඔහු මේ දිනවල පුහුණුවීම්වල නිතරව සිටියි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයටද ලොකුආරච්චි ඇතුළත්ව සිටීයේය.
කී‍්‍රඩකයකු සම්බන්ධයෙන් මෙවැනි පරීක්‍ෂණයක් පැවැත්වෙද්දී අදාළ ක‍්‍රීඩකයා සංචිතවලින් ඉවත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙහිදී එය ක‍්‍රියාත්මක වී නැත.
මේ වන විටත් සංචිතවලට ඇතුළත්ව සිටීම නිසා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් පවත්වනු ලබන පරීක්‍ෂණයකදී ලොකුආරච්චි වරදකරු වුවහොත් ද`ඩුවම් වඩාත් දරුණු වියහැකි බවද නීතිඥවරුන් විසින් ලොකුආරච්චි දැනුම්වත් කර ඇති බවට ද නිලනොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
ලොකුආරච්චි සම්බන්ධ පරීක්‍ෂණයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සම්බන්ධයක් නොමැති නිසා ඔහුට තහනමක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව මීට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.