Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වර්ල්ඩ් ජයන්ට්ස්, ඒෂියන් ලයන්ස් සහ ඉන්දියා මහරාජාස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් කටාර් රාජ්‍යයේදී පැවැති දෙවැනි ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඒෂියන් ලයන්ස් කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය.
දොහා නුවර ‘වෙස්ට් එන්ඩ්’ උද්‍යාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කරමින් ඒෂියන් ලයන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ උපුල් තරංග එහිදී තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය ඒෂියන් ලයන්ස් කණ්ඩායම, ඕවර 16.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 115 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ උපුල් තරංග (57) සහ තිලකරත්න ඩිල්ෂාන් (58) ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
එහිදී පන්දු 28 කට මුහුණදුන් තරංග හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 42 කදී වාර්තා වූ ඩිල්ෂාන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් විය. බ්‍රෙට් ලී යැවූ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් තරංග දැවී යෑමත් සමග ඒෂියන් ලයන්ස් ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් රැස්කළේය. මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී වේගවත් පිතිහරඹයක නිරත වූ ජැක් කලිස් පන්දු 54 කින් නොදැවී ලකුණු 78 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී රොස් ටේලර් (32), සමග එක්ව පන්දු 69 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජැක් කලිස් සමත් විය. පන්දු 33 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අබ්දුර් රසාක් සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
වර්ල්ඩ් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 147
(ලෙන්ඩ්ස් සිමන්ස් 17, ජැක් කලිස් නොදැවී 78, රොස් ටේලර් 32, අබ්දුර් රසාක් 14/2)
ඒෂියන් ලයන්ස් පිල - ඕවර 16.1 කදී කඩුලු 3 කට 148
(උපුල් තරංග 57, තිලකරත්න ඩිල්ෂාන් 58)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.