Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලිවැන්කොවික් ක්‍රොඒෂියාව ඉදිරියට තල්ලු කරයි

ලිවැන්කොවික් ක්‍රොඒෂියාව ඉදිරියට තල්ලු කරයි

editorial - 2022 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ජපාන ක්‍රීඩකයන්ගේ නිදහස් පහර තුනක්ම දැළ තුළට යා නොදී වළක්වා ගත් ක්‍රොඒෂියානු දැළ රකින්නා වන ඩොමිනික් ලිවැන්කොවික්, ස්කැන්ඩිනේවියානු රාජ්‍යයක් වන ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ගෙන යාමේ වීරයා වූයේය. ක්‍රොඒෂියාව සහ ජපානය අතර සඳුදා (5 වැනිදා) රාත්‍රියේ පැවැති 16 දෙනාගේ වටයේ තරගය 1-1 ක් ලෙසින් සම වුවද, දඬුවම් පහර මත ක්‍රොඒෂියානුවෝ ගෝල 3-1 ක පහසු ජයක් අත්කර ගත්හ. 

මූලික වටයේ තරග වලදී යුරෝපා පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන් වන  ජර්මනිය සහ ස්පාඤ්ඤය පරාජය කර සිටි ජපාන ක්‍රීඩකයෝ මෙම තරගය කෙරේ විශාල බලාපොරොත්තු තබා තිබිණ. තරගයේ පළමු අර්ධය නිමා වීමට ඔන්න මෙන්න කියා තිබියදී, ගෝලයක් ලබාගත් ඩෙයිසන් මයීඩා, ජපාන කණ්ඩායම ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියට ගෙන ගියේය. පළමු අර්ධය නිමාවූයේ එලෙසිනි. 

එහෙත් කණ්ඩායම් දෙක පිටියේ පැති මාරු කරගැනීමෙන් පසුව 12 වැනි විනාඩියේදී ක්‍රොඒෂියානු ක්‍රීඩක ඉවාන් පෙරිසික් පන්දුව දැළ තුළට යවමින් තරගය සම කළේය. තරගය නිමා වූයේ දෙපිළම 1-1 ක් ලෙසින් සිටිමිනි. 

අතිරේක කාලයේදීත් දෙපිලටම ගෝල ලබාගත නොහැකි වූ බැවින් දඬුවම් පහර කරා තරගය ඇදි ගියේය. එය මෙම තරගාවලියේ පළමු වැනි දඬුවම් පහර අවස්ථාව විය. දඬුවම් පහර වලින් තුනක් වළක්වාගත් ඩොමිනික් ලිවැන්කොවික් තරගයෙන් පසුව පැවසූවේ ඒවා වළක්වාගැනීමට අසීරු නොවූ බවයි. 

“ඒවා හොඳ පහරවල් නෙමේ. ඒ ගැන දෙවියන්ට ස්තුති කරනවා” යයි ඩොමිනික් ලිවැන්කොවික් පැවසීය. නිකොලා වැල්සික්, මාර්සෙලෝ බ්‍රොසොවික් සහ මාරියෝ පැසලික් ක්‍රොඒෂියාව වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගත්හ. ජපානය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත හැකිවූයේ තකුමා අසානෝට පමණි. 

 


අදහස් (0)

ලිවැන්කොවික් ක්‍රොඒෂියාව ඉදිරියට තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.