Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලසිත් කෲස්පුල්ලේගෙන් අගනා ශතකයක්
ජාතික සුපරි ලීගය

ලසිත් කෲස්පුල්ලේගෙන් අගනා ශතකයක්

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයේදී ශතකයක් ලබාගැනීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ සමත් විය. 

මහනුවර ඉනිම අවසානයේ වර්ෂාව ඇද හැළීම හේතුවෙන් තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුරව කණ්ඩායම ලසිත්ගේ ශතකය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 308 ක් ලබා ගත්තේය. එහිදී පන්දු 133 කට මුහුණදුන් ලසිත් හයේ පහර 5 කින් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම සැරසුවේය. 

සඳුන් වීරක්කොඩි (28) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලසිත්, ඉන් නොනැවතී ළහිරු උදාර (17) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 41 ක්ද, අහන් වික්‍රමසිංහ (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 66 ක්ද එක් කරමින් මහනුවර ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

කොළඹ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ දුෂාන් විමුක්ති, සිය ඕවර 10 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. සචිත ජයතිලක සහ දනුෂ්ක සඳරුවන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වුවද, ඔවුන් දෙදෙනාම මහනුවර පිතිකරුවන්ගේ දැඩි පහර කෑමකට ලක්වූහ. 

මහනුවර පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 308 
(ලසිත් කෲස්පුල්ලේ 167, සඳුන් වීරක්කොඩි 28, ළහිරු උදාර 17, අහන් වික්‍රමසිංහ 26, අසේල් සිගේරා 17, දුෂාන් විමුක්ති 34/3, දනුෂ්ක සඳරුවන් 55/2, සචිත ජයතිලක 76/2) 

 


අදහස් (0)

ලසිත් කෲස්පුල්ලේගෙන් අගනා ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.