Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලකුණුත් කපාගෙන දඩත් කයි

ලකුණුත් කපාගෙන දඩත් කයි

editorial - 2021 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව අඟහරුවාදා (20 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත කාළය තුල නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් විම හේතුවෙන් සියළුම ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 20% ක දඩයක් සහ අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් එක් ලකුණක් අහිමිකර තිබේ.

කාල දීමනා සැලකිල්ලට ගැනීමෙන් පසු දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වේලාවට වඩා එක් ඕවරයක් පසු පසින් සිටීම හේතුවෙන් අයි.සී.සී. තරග තීරක රන්ජන් මඩුගල්ල මහතා විසින් මෙම දඩය පැනවීය.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී චර්යාධර්ම සංග්‍රහයට අනුකූලව, ක්‍රීඩකයන්ට දඩ මුදල නියම කර ඇති අතර, අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගයේ ක්‍රීඩා කොන්දේසිවලට අනුකූලව කණ්ඩායමෙන් ප්‍රසාද ලකුණක් අඩුකර ඇත.

නායක දසුන් ශානක වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවමද පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු 12 ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 12 වැනි ස්ථානයට පත්ව ඇත. තරග 11 කට ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව එක් තරගයක් ජයගෙන, තවත් තරගයක් විසදුමකින් තොරව අවසන්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 15 ක් හිමිකර ගත්තද තරග 3 කදී නියමිත කාළය තුල නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් විම හේතුවෙන් ප්‍රසාද ලකුණු 3 ක් මේ වනවිට අහිමිකර ගෙන තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය හෙට (23 වැනිදා) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

2079

 


අදහස් (0)

ලකුණුත් කපාගෙන දඩත් කයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.