Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්නව් පිලට ලකුණු 2 ක තියුණු ජයක්
අයි.පී.එල්.- 2022

ලක්නව් පිලට ලකුණු 2 ක තියුණු ජයක්

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුයින්ටන් ඩි‘කොක්ගේ (නොදැවී 140) සහ ලෝකේෂ් රාහුල්ගේ (නොදැවී 68) විශිෂ්ඨ පිතිහරඹයත්, මෝසිං ඛාන් (20/3) සහ මාකස් ස්ටොයිනිස්ගේ (23/3) පන්දු යැවීමත් හමු‍ෙ හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (18 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 66 වැනි තරගයේදී ලකුණු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 208 ක් පමණි.

නිතිෂ් රානා පන්දු 22 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 42 ක්ද, ශ්‍රෙයාස් අයියර් පන්දු 29 කදී හයේ පමර 3 ක් සහ හතරේ පමර 4 ක් සමගින් ලකුණු 50 ක් ද, සෑම් බිලිංග්ස් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 36 ක් ද, රිංකු සිං පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් සහ සුනිල් නරේන් පන්දු 7 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 21 ක් ද ලබාගත්තද ඉතා අවාසානා වන්ත ලෙස ලකුණු 2 කින් පරාජයට පත්විය.

අවසන් ඕවරයේදී කොල්කටා පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 21 ක් අවශ්‍යවූ අතර එහිදී රිංකු සිං හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ජයග්‍රහණය ආසන්නයට කොල්කටා පිල රැගෙන ආවද ඔහුගේ දැවීයාමත් සමගින් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වූහ.

අවසන් පන්දු දෙක තුලදී ලබාගත් කඩුලු 2 ත් සමගින් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගැනීමට මාකස් ස්ටොයිනිස් සමත්වූ අතර මෝෂින් ඛාන් ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල ඕවර 20 අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 210 ක් ලබාගැනීමට සමත්විය.

ඉන්දීය ප්‍රීමියලර් ලීග් තරගාවලියකදී ලබාගත් දෙවැනි ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි‘කොක් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 70 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් ලබාගැනීමට සමත්විය.

කුයින්ටන් ඩි‘කොක් අද තරගයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව විස්සයි20 තරගයකදී ඔහු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වන්නේය.

අයි.පී.එල් ඉතිහාසයේ පළමු කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායමක් විසින් ඉනිම පුරා කඩුල්ලක් ලබානොදෙමින් පන්දුවට පහරදුන් පළමු වතාව ලෙසද වාර්තා පොත් අතරට එක් වන්නේය.

ලකුණු 12 ක් ලබා සිටියදී කුයින්ටන් ඩි‘කොක් ලබාදුන් උඩපන්දුවක් අභිජීත් ටෝමර් අතින් ගිලිහියාමේ ප්‍රතිවිපාක කොල්කටා නයිට් රයිඩර්ස් පිලට විඳීමට සිදුවිය.

ඕවර 15 ක් අවසන් වනවිට ලකුණු 122 ක් ලබාසිටි කුයින්ටන් ඩි‘කොක් සහ ලෝකේෂ් රාහුල් අවසන් ඕවර 5 තුලදී ලකුණු 88 ක් කොල්කටා පන්දු යවන්නන්ගෙන් උදුරා ගැනීමට සමත්වූහ.

කුයින්ටන් ඩි'කොක් තරගයේ වීරයාට හිම් සම්මානය දිනා ගැනීමට සමත්විය.


ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 20 කදී කිසිවකු නොදැවී 210
(කුයින්ටන් ඩි‘කොක් නොදැවී 140, ලෝකේෂ් රාහුල් නොදැවී 68)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 208

(නිතිෂ් රානා 42, ශ්‍රෙයාස් අයියර් 50, සෑම් බිලිංග්ස් 36, රිංකු සිං 40, සුනිල් නරේන් නොදැවී 21, මෝසිං ඛාන් 20/3, මාකස් ස්ටොයිනිස් 23/3)

 

-2079


අදහස් (0)

ලක්නව් පිලට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.