Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොනාල්ඩෝ අල් නසාර් පිලට

රොනාල්ඩෝ අල් නසාර් පිලට

editorial - 2022 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිකුරාදා (30 වැනිදා) ගිවිසුම් අත්සන් කළ බව අල් නසාර් ක්‍රීඩා සමාජය නිවේදනය කරයි. එය යුරෝ මිලියන 200 කට (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 79 ක් හෙවත් රුපියල් කෝටි 7900 කට වැඩි වටිනාකමක් ඇති බවට විශ්වාස කරන ගනුදෙනුවකිනි.

තවමත් 37 හැවිරිදි රොනාල්ඩෝ, වසර 2025 ජූනි දක්වා අල් නසාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

මීට පෙර ලෝකයේ සුප්‍රසිද්ධ පාපන්දු සමාජ වන මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කර ඇති රොනාල්ඩෝ, “වෙනත් රටක නව පාපන්දු ලීගයක් සොයා ගැනීමට මට තවත් බලා ඉන්න බෑ” යයි පවසා තිබේ.

තමන්ගේ ප්‍රියතම අංකය වන අංක 7 මුද්‍රණය කර ඇති නිල් සහ කහ පැහැති කමිසයක් අතැතිව රොනාල්ඩෝ ඡායාරූපයකට පෙනී සිටියේය.

සෞදි අරාබියේ පාපන්දු ලීග් ශූරතාව නව වතාවක් දිනා ඇති අල් නසාර් ක්‍රීඩා සමාජය, එය අවසන් වරට ජයගත්තේ 2019 දීය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී පෘතුගාල කණ්ඩායමේ පුහුණුකරුවා වරක් රොනාල්ඩෝව බංකුවට සීමා කළේය. එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයද රොනාල්ඩෝට පල නොකියා පළා බෙදුවේය. එහෙත් පසු නොබෑ ඉදිරිපෙළ ක්‍රීඩකයා මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ පුහුණුකරුවාට තමන්ගේ කිසිම ගරුසරුවක් නැති බව කියමින් මැන්චෙස්ටර් පිලෙන් ඉවත් විය.

රොනාල්ඩෝ සිය ජාතික කණ්ඩායම වූ පෘතුගාලය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදීම මැන්චෙස්ටර් ක්‍රීඩා සමාජය රොනාල්ඩෝ සමග පැවැති ගිවිසුම අවලංගු කළේය.

ලෝක කුසලාන තරගාවලියේදී ඝානාවට එරෙහිව දඬුවම් පහරක් සාර්ථක කරගත් විට පාපන්දු ලෝක කුසලාන තරගාවලි පහක ලකුණු රැස් කළ පළමු ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ පත්වූයේය. එහෙත් මොරොක්කෝව සහ පෘතුගාලය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී රොනාල්ඩෝ බංකුවේ සිටියදීම පෘතුගාලය තරගය පරාජය විය. රොනාල්ඩෝ ලෝක කුසලාන තරඟාවලිය අවසන් කළේ කඳුළු සලමිනි.

රොනාල්ඩෝ දිගු කලක් තිස්සේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි. ජුවෙන්ට්ස් ක්‍රීඩා සමාජයේදී ඔහුගේ වැටුප යුරෝ මිලියන 31 ක් ලෙසින් වාර්තා විය. එහෙත් ඉතාලි ක්‍රීඩා සමාජය ඔවුන්ගේ  ක්‍රීඩකයන්ට ගෙවූ වැටුප් අඩුවෙන් වාර්තා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙමින් පවතී.


- 213


අදහස් (0)

රොනාල්ඩෝ අල් නසාර් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.