Last Update  :  2024-05-15 11:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්

රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියාව අද (14) සමත් විය. මෙම තරගය මොස්කව් නුවර ලූෂ්නිකි කී‍්‍රඩාංගණයේදී ‘ඒ ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවතුණි.

තරගයට ආදේශක කී‍්‍රඩකයෙකු ලෙස පිටියට පිවිසි ඩෙනිස් චෙරිශේව් සම්පූර්ණයෙන්ම තරගය කනපිට හරවමින් රුසියාවේ ආරම්භක තරගයට ජයගෙන ඒමට කටයුතු කළේය. තරගයේ 43 වැනි මිනිත්තුවේදී සහ 91 වැනි මිනිත්තුවේදී ගෝල ද්විත්වයක් ලබාගත් චෙරිශේව් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

තරගය ආරම්භ වී විනාඩි 12 කට පසු  රුසියාවේ බලාපොරොත්තු ඔප් නංවමින් පළමු ගෝලය ලබා ගැනීමට යූරි ගැසින්ස්කිට හැකියාව ලැබිණ. ඇලෙක්සැනඩර් ගොලෝවින් සුරක්ෂිතව රැුගෙන ආ පන්දුව ගෝල සීමාව ආසන්නයේදීම යූරී ගැසින්ස්කිට ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව මෙවර තරගාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට ඔහුට හැකියාව ලැබිණ.

තරගයේ 24 වැනි මිනිත්තුවේදී ආබාධයට ලක්වූ ඇලන් ඩැගෝව් වෙනුවට ඩෙනිස් චෙරිශේව් කණ්ඩායමට එක් වූයේය. ඉන් විනාඩි 19 කට පසු එනම් 43 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට චෙරිශේව්ට හැකියාව ලැබිණ. ඔහුගේ ගෝලයත් සමගින් ගෝල 2-0 ක් ලෙස පළමු භාගය අවසානයේ පෙරමුණ ගැනීමට රුසියාව සමත් විය.

සෞදි කණ්ඩායම වෙනස්කම් කිහිපයක්ම කරමින් තරගයට අවතීර්ණ වුවත්, කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් නොදුන් රුසියාව 71 වැනි මිනිත්තුවේදීද ගෝලයක් වාර්තා කරමින් සම්පූර්ණයෙන්ම තරගය ඔවුන් වෙත හරවා ගත්තේය. මෙම තරගයේ සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ ගෝල වාර්තා කල කී‍්‍රඩකයන් දෙදෙනාම තරගය අතරවාරයේ කණ්ඩායමට කැඳවනු ලැබූ කීඩකයන් වීමි.

ස්මෝලෝව් වෙනුවට ආදේශ කරනු ලැබූ  ඕටම් ඩිසියුබා රුසියාව වෙනුවෙන් ලැබූ තෙවැනි ගෝලයේ හිමිකරුවා බවට පත්විය.

නැවතත් 91 වැනි මිනිත්තුවේදී කි‍්‍රයාත්මක වූ ඩෙනිස් චෙරිශේව් රුසියාවේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් තම පෞද්ගලික දෙවන ගෝලය මෙන්ම තරගයේ සව්වන ගෝලය වාර්තා කළේය. තරගයේ ජයග‍්‍රහණය පෙනි පෙනීත් රුසියාවේ ඇලෙක්සැන්ඩර් ගොලෝවින් එල්ල කල නිදහස් පහර සෞදි අරාබියේ ගෝල රකින්නා පසු කර දැළ තුළට ගියේ තරගයෙන් ගෝල 5-0 ක විශිෂ්ට ජයක් රුසියාවට හිමිකර දෙමිනි.

- 024


අදහස් (0)

රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.