Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන 20 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (18) පැවැති හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ මීටර 84.38 කට හත් වැනි ස්ථානයට පත් විය.
ඔහුගේ පළමු උත්සහයේදී එම ඉහළම අගය වාර්තා වූ අතර කෙසේවූවත් ඔහු ටෝකියෝ ලෝක තරගාවලියට නිර්දේශ ලබා ගත්තේ මීටර 86.50 ක ඉසව්වේ මෙතෙක් ඔහුගේ හොදම දක්ෂතාවය වාර්තා කරමිණි.
අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමේ පෙරේදා (17) පැවැති 12 දෙනා තෝරා ගැනීමේ වටයේදී රුමේෂ් වාර්තා කළේ මීටර 81.86 ක දක්ෂතාවයකි. කෙසේවූවත් රුමේෂ් තරංග ඊයේ ඉසව්වට සහභාගිවීම අවසන් කළේ ලෝක මලල ක්‍රීඩා තරගාවලියක ඉසව් අවසන් තරගයට මෙතෙක් නිර්දේශ ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වෙමිනි.
එහිදී 2025 වසරේ ඉසව්වේ හොදම දක්ෂතා අතර ලොව පස් වෙනි ස්ථානයට පත් වෙමින් 22 හැවිරිදි ඔහු ටෝකියෝ ලෝක තරගාවලියට තරග වැදුණේ ශ්‍රී ලංකාවෙන් ලෝක මලල ක්‍රීඩා තරගාවලියක ඉසව් අවසන් තරගයකට මෙතෙක් නිර්දේශ ලබා ගත් ළාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද පත් වෙමිනි. ටෝකියෝ නුවරදී ඊයේ තරග වදින විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු ඉසව්වේ පසු වූයේ 12 වැනි ස්ථානයේය.
ලෝක මලල ක්‍රීඩා තරගාවලිය 1976 තරගාවලියෙන් ආරම්භ විය. මෙම ඉසව්ව සදහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා ගත් සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන සුමේධ රණසිංහ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට අපෝහෝසත් විය.
මේ අතර ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පැවැති හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම මීටර 88.16 කට දිනා ගත්තේ ට්‍රිනීඩෑඩ් සහ ටුබැගෝ ක්‍රීඩක 32 හැවිරිදි කෙශ්‍රෝන් වෙල්කොට් විසිනි. මීට පෙර ඔලිම්පික් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ඇති නමුදු කෙශ්‍රෝන් ලෝක මලල ක්‍රීඩා තරගාවලියක දිනා ගත් පළමු පදක්කම මෙයයි. ඊයේ වාර්තා වූයේ ඉසව්වේ ඔහුගේ මෙතෙක් හොදම පෞද්ගලික දක්ෂතාවයයි.
මීටර 87.16 කට ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් රිදී පදක්කම ද හා මීටර 86.67 කට ඇමැරිකානූ ක්‍රීඩක කර්ටීස් තොම්ප්සන් ලෝකඩ පදක්කමද ඊයේ හිමි කර ගත්හ. ඊයේ ඉසව්වේ අවසන් තරගයේදී වාර්තා වූ විශේෂ සිදුවීම් අතර ඔලිම්පික් හා ලෝක ශූරතා පදක්කම්ලාභීන් වූ නම ගිය ක්‍රීඩකයන් කීප දෙනෙකුගේම පරාජයයි.
ඒ අතර වසර 2024 පැරිස් ඔලිම්පික් රන් පදක්කම හා 2023 බුඩාපෙස්ට් ලෝක ශූරතා රිදී පදක්කම දිනා ගත් පාකිස්තානු ක්‍රීඩක අර්ශාඩ් නදීම් ඊයේ 10 වැනි ස්ථානය දක්වා ඇද වැටුණේ මීටර 82.75 ක් දක්වා ඔහුගේ දක්ෂතා අවම කරමිනි.
ඒ අතර ඉන්දීය ක්‍රීඩක නිරාජ් චොප්රා මීටර 84.03 කට අත් කර ගත්තේ අට වැනි ස්ථානයයි. ඔහු 2022 ටෝකියෝ ඔලිම්පික් හා 2023 බුඩාපෙස්ට් ලෝක ශූරතා රන් පදක්කම්ලාභීයායි. ඔවුන් දෙදෙනාම අභිබවා යමින් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතා අතර ඊයේ ඉදිරියට පැමිණ තිබීම එහිදී සුවිශේෂී තත්වයකි.
ඉන්දීය ක්‍රීඩකයන් සිව් දෙනෙකුම මෙවර ලෝක තරගාවලියට හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා ගත් අතර එහිදී සචින් යාදේව් ඊයේ මීටර 86.27 කට ඔහුගේ මෙතෙක් හොදම දක්ෂතාවය පළ කරමින් සිව් වැනි තැන ලැබීය.ඔහුගේ මීට පෙර හොදම ජාත්‍යන්තර දක්ෂතාවය වී තිබුණේ 2025 ගූමි ආසියානූ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම (මීටර 85.16) හිමි කර ගැනීමයි.
රුමේෂ් තරංග ඊයේ තරග වැදීම අවසන් කිරීමත් සමග ඉරිදා ( 21) නිමාවට පත් වන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ සසහභාගිත්වය ඊයේ අවසන් විය.
වසර 2007 ජපානයේ ඔසාකා නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා (මීටර 200 - කාන්තා ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ ලෝකඩ පදක්කම) පදක්කමක් දිනා ගැනීමට සමත්ව නැත.
ඊයේ දිනය නිමා වන විට ඇමරිකාව රන් පදක්කම් හතක් දිනා තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණේ පසු විය. කෙන්යාව ඒ වන විට රන් පදක්කම් හතරක් දිනා දෙවැනි තැන ලබා සිටියේය.රටවල් 31 ක් ඒ වන විට පදක්කම් දිනා ගැනීමේදී ආසියානූ රටවල් අතරින් බහරේන්, කොරියාව, ජපානය පමණක් ඒ වන විට පදක්කම් දිනා ගත් රටවල් අතරට එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.