Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුමේෂ් තරංග අවසන් වටයට

රුමේෂ් තරංග අවසන් වටයට

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ අද (17) පැවැති නිර්දේශ තරග වටයේදී මීටර 82.80 ක දක්ෂතාවයක් දක්වමින් අද  (18) පැවැත්වෙන හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට සමත් විය.අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.50 ට හෙල්ල් විසි කිරීම (පිරිමි) ඉසව්වේ අවසන් තරගය ආරම්භ වේ.

එහිදී අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමේ බී කාන්ඩයේ තරගයට අද සහභාගි වූ රුමේෂ් තරංග එහි හය වැනි ස්ථානය ලැබීය.අවසන් තරගයට නිර්දේශ ලබා ගත් මුළු ක්‍රීඩකයන් 12 දෙනා අතරින් අවසන් (12) වැනි ස්ථානයට පත් වෙමින් ඒ සදහා සුදුසුකම් සපිරීම කැපී පෙනේ.

ඒ සදහා ඔහුට සෙන්ටි මීටර දෙකක වාසියක් හිමි වුණු අතර නිර්දේශ තරග වට දෙකෙන් එම 12 දෙනා තෝරා ගැණුනි.රුමේෂ් තරංගට පමණක් පසු පසින් සිටි 13 වැනි ස්ථානයට පත්ව සිටි ලිතිවේනියාවේ එඩිස් මතුසේවිසියස් එහිදී දක්ෂතාවය වූයේ මීටර 82.78 කි.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට අද (17) තරග වැදුණු ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට අපොහොසත් විය. ඔහු නිර්දේශ තරග වටයේ සමස්ත ප්‍රතිපලයට අනුව ලබා සිටියේ 15 වැනි ස්ථානයයි.

ඔහු මීටර 85.78 ක දක්ෂතාවයක් දක්වමින් ටෝකියෝ ලෝක තරගාවලියට නිර්දේශ ලබා පැමිණියත් ඊයේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ අවසන් තරගයයට නිර්දේශ ලබා ගැනීමේ ඒ කාන්ඩයේ තරගයේදී ඔහුගේ දක්ෂතා මීටර 81.86 කට සීමා විය.

ඔහු අද නිර්දේශ ලැබීමේ තරගයේදී අට වැනි ස්ථානයට පත් විය.එහිදී සමස්ත නිර්දේශ තරග වටයේදී මීටර 89.53 ක ඉහළම දක්ෂතාවය පළ කළේ ග්‍රෙනඩාවේ ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් ය. ඒ මීටර 89.53 ක සිය මෙතෙක් හොදම දක්ෂතාවය පළ කරමිනි. මීටර 87.21 ක  දක්ෂතාවයක් පළ කළ ජර්මනියේ ජූලියන් වේබර් නිර්දේශ ලැබූ 12 දෙනා අතර දෙවැනි තැනේ පසු විය. 

පෝලන්ත ක්‍රීඩක ඩේවිඩ් වෙග්නර්  (මීටර 85.67) හා ඔලිම්පික් පදක්කම්ලාභී ඉන්දියානූ ක්‍රීඩක නීරාජ් චොප්රා (84.85) අද (18) පැවැත්වෙන ඉසව්වේ අවසන් තරගයට ඒ කාන්ඩයෙන් නිර්දේශ තහවුරු කර ගත්හ.

නිර්දේශ තරග දෙකේදී අවම මීටර 84.50 ක දක්ෂතාවයක් දක්වන ක්‍රීඩකයන් 12 දෙනෙකු හෝ දක්ෂතා අතරින් හොදම 12 දෙනා හෝ අද පැවැත්වෙන අවසන් තරගයට තෝරා ගැනීමට නියමිතව තිබුණි.

අද පරාජයට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේධ රණසිංහ 34 හැවිරිදි වියේ පසු වන අතර ඔහුගේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයේ මීට පෙර අත්දැකීම් අතර වසර 2016 රියෝ ඔලිම්පික් උළෙලේ සහභාගිත්වයද කැපී පෙනේ.එහිදී ඔහු මූලික වටයේදී 18 වැනි ස්ථානයට පත්වූයේ මීටර 71.93 ක දක්ෂතාවයක් පළ කරමිනි.

අද දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වීමෙන් සුමේධ රණසිංහගේ මෙවර ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ඔහුගේ සහභාගිත්වය අවසන් වේ.

ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පස් වැනි දිනය නිමා වන විට ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් අටක් දිනා පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. ඒ අතර රන් පදක්කම් තුනක් දිනා කෙන්යාව ඒ වන විට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව තිබුණි.


අදහස් (0)

රුමේෂ් තරංග අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.