Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාහුල් හයේ පහර 2 කින් ගුජරාට් පිල දිනවයි
අයි.පී.එල්.- 2022

රාහුල් හයේ පහර 2 කින් ගුජරාට් පිල දිනවයි

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් පන්දු දෙකේදී රාහුල් තේවතියා ගැසූ හයේ පහර 2 හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය.

ජයගහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. තරගය ජයගැනීම සඳහා ගුජරාට් කණ්ඩායමට අවසන් පන්දු දෙකේදී ලකුණු 12 ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දු 2 ට හයේ පහර 2 ක් ගැසූ රාහුල් තේවතියා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග වේගවත් ලකුණු 96 ක් රැස්කළ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්, ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. සායි සුධර්ෂන් (35) සමග එක්ව දෙවැනි කඩුල්ල‍ වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගිල් සමත් විය.

පන්දු 30 කදී වාර්තා වූ සුධර්ෂන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර නායක හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 18 කින් ලකුණු 27 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. එහිදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් කගිසෝ රබාඩා ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 189 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 30 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද, ජිතේෂ් ශර්මා පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද, රාහුල් චාහර් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් පන්ජාබ් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂීඩ් ඛාන් සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර දර්ෂන් නාල්කන්ඩේ ලකුණු 37 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 189

(ශිකර් ධවාන් 35, ලයෑම් ලිවිංග්ස්ටන් 64, ජිතේෂ් ශර්මා 23, ශාරුඛ් ඛාන් 15, රාහුල් චාහර් නොදැවී 22, රෂීඩ් ඛාන් 22/3, දර්ෂන් නාල්කන්ඩේ 37/2)

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 190

(ශුබ්මන් ගිල් 96, සායි සුධර්ෂන් 35, හර්දීක් පාණ්ඩ්‍යා 27, රාහුල් තේවතියා නොදැවී 13, කගිසෝ රබාඩා 35/2)

-036

 


අදහස් (0)

රාහුල් හයේ පහර 2 කින් ගුජරාට් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.