Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාහුල් ද්‍රාවිඩ් ඉන්දීය පුහුණුකරුවා වෙයි

රාහුල් ද්‍රාවිඩ් ඉන්දීය පුහුණුකරුවා වෙයි

editorial - 2021 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුරැ ලෙස රාහුල් ද්‍රාවිඩ් මහතා එළඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැති නමුත් මේ වන විට රාහුල් ද්‍රාවිඩ් මහතාගේ පත්කිරීම ස්ථිර වී ඇතැයි දැනගන්නට ලැබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය සීමිත ඕවර කණ්ඩායමේ පුහුණුකරැ තනතුර ද්‍රාවිඩ් මහතාට හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරැවා වන රවී ශ්‍රාස්ත්‍රී, පන්දු යැවීමේ පුහුණුකරැ භාරත් අරෑන් සහ පිතිහරඹ පුහුණුකරැ වන වික්‍රම් රාතෝර් ටෙස්ට් කණ්ඩායම සමග එංගලන්ත සංචාරයට සහභාගී වීම හේතුවෙනි.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සහ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා ජූනි මස මුල් භා‍ගයේ සිට සැප්තැම්බර් මස අග භාගය දක්වා කාලය තුළ එංගලන්තයේ සංචාරයක නිරත වනු ඇත.

මේ අතර ඉන්දීය දෙවැනි පෙළ සීමිත ඕවර කණ්ඩායමක් ජූලි මස 13 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. එම තරගාවලිය සඳහා දෙවැනි පෙළ කණ්ඩයමක් සහභාගි කරවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර ඇත්තේ එම කාල වකවානුව තුළ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එංගලන්ත සංචාරයට සහභාගී වීම හේතුවෙනි.  

වසර ගණනාවක් පුරා ඉන්දීය ‘ඒ’කණ්ඩායමේ සහ වයස 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරැ ලෙස කටයුතු කර තිබීම නිසා ද්‍රාවිඩ් මහතාට ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා තෝරාගනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර යොවුන් ක්‍රීඩකයන්ගෙන් බොහොමයක් ද්‍රාවිඩ් මහතාට වඩාත් හුරැ පුරැදු ක්‍රීඩකයන් වනු ඇත.

ද්‍රාවිඩ් මහතා මේ වන විට බෙංගලාරැහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එහි කාර්ය මණ්ඩලය කොටස් දෙකකට බෙදී එක් කොටසක් ද්‍රාවිඩ් මහතා සමග ශ්‍රී ලංකා සංචාරයටද, අනෙක් කොටස රවී ශ්‍රාස්ත්‍රී මහතා සමග එංගලන්ත සංචාරයටද සහභාගි වනු ඇත.

ජූලි මස 5 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම දින 7 ක කාලයක් ප්‍රධාන පෙළේ හෝටලයක නිරෝධායනයට ලක්වනු ඇත‍. එම නිරෝධායන කාල වකවානුවේ පළමු දින 3 ඔවුන් හෝටලය තුළම රුඳී සිටින අතර අවසන් දින 4 තුළ පුහුණුවීම් සඳහා පමණක් හෝටලයෙන් පිටත්ව යනු ඇත.

දෙරට අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය ජූලි මස 13 වැනිදා පැවැත්වෙන අතර දෙවැන්න 16 වැනිදාද, ‍තෙවැන්න 19 වැනිදාද පැවැත්වීමට නියමිතය.

 විස්සයි20 ජාත්‍යන්තර තරග 3 පිළිවෙලින් 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලිය නිමා‍වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම ජූලි මස 28 වැනිදා නැවත සිය රට බලා පිටත්ව යනු ඇත.

 

-036


අදහස් (0)

රාහුල් ද්‍රාවිඩ් ඉන්දීය පුහුණුකරුවා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.