Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාවට් - කෝලි බැංගලෝර් පිල දිනවති

රාවට් - කෝලි බැංගලෝර් පිල දිනවති

editorial - 2022 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද (9 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ අනූජ් රාවට් පන්දු 47 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 66 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.

නායක ෆෆ් ඩුප්ලෙසී (16) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාවට්, ඉන් නොනැවතී විරාට් කෝලි (48) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී වේගවත් ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වනිඳු හසරංගගේ සහ හර්ෂාල් පටේල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි. එහිදී හසරංග ලකුණු 28 කට කඩුලු 2 ක්ද, පටේල් ලකුණු 23 කට කඩුලු 2 ක්ද බිඳහෙළූහ.

මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සූර්යකුමාර් යාදව් පන්දු 37 කදී නොදැවී ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ඉෂාන් කිෂන් පන්දු 28 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, නායක රෝහිත් ශර්මා පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද රැස්කළහ.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 151

(ඉෂාන් කිෂන් 26, රෝහිත් ශර්මා 26, සූර්යකුමාර් යාදව් නොදැවී 68, හර්ෂාල් පටේල් 23/2, වනිඳු හසරංග 28/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 18.3 කදී කඩුලු 3 කට 152

(ෆෆ් ඩුප්ලෙසි 16, අනූජ් රාවට් 66, විරාට් කෝලි 48)

-036


අදහස් (0)

රාවට් - කෝලි බැංගලෝර් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.