Last Update  :  2025-12-31 15:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීය පළමු ඉනිම ලකුණු 255 කට සීමා වෙයි

රාජකීය පළමු ඉනිම ලකුණු 255 කට සීමා වෙයි

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (09) ආරම්භ වූ 138 වැනි නිල් මහ සටන මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 33 ක් රැස්කර සිටියේය.


රවිඳු කොඩිතුවක්කු ලකුණු 23 ක් සහ දුලාජ් ගුණරත්න ලකුණු 10 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.


කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් විදුහල් නායක රොමේෂ් නල්ලපෙරුම පළමුව පන්දුවට පහර දීමට රාජකීය විදුහලට ආරාධනා කළ අතර ඔවුන්ට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 255 ක් පමණී.


ලකුණු 172 කට කඩුලු 7 ක් දැවී අසීරු තත්ත්වයක සිටි රාජකීය විදුහලට යළී ජීවය දුන් ගනිත් සංදීප සහ හිමේෂ් රාමනායක 8 වැනි කඩුල්ල සදහා ලකුණු 83 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. දුලිත් ගුණරත්නගේ පන්දුවක් හමුවේ ලකුණු 41 ක් රැස්කර සිටි හිමේෂ් රාමනායක ඩෙලන් පිරීස් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය අතර ගනිත් සංදීප අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 42 කට දැවී ගියේය.


ලකුණු 47 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ කළන පෙරේරා රාජකීය පිතිකරුවන් දමනය කිරීමට සමත්විය.


රාජකීය විදුහල - පළමු ඉනිම - ඕවර 71.3 කදී සියලු දෙනා දැවී ලකුණු 255

(ගනිත් සංදීප 42, හිමේෂ් රාමනායක 41, කවිඳු මදරසිංහ 38, පසිඳු සූරියබණ්ඩාර 35, රොනුක ජයවර්ධන 32, කළන පෙරේරා 47/5, පවිත් රත්නායක 69/2)


සාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම - ඕවර 10 කදී කිසිවකු නොදැවී ලකුණු 33

(රවිඳු කොඩිතුවක්කු නොදැවී 23, දුලාජ් ගුණරත්න නොදැවී 10)

 

ඡායාරූප: ඉන්ද්‍රරත්න බාලසූරිය

 


අදහස් (0)

රාජකීය පළමු ඉනිම ලකුණු 255 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.