Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීය - ත්‍රිත්ව අපරාජිත බව රැකගැනීමේ සටනක
පාසල් රග්බි ලිගය

රාජකීය - ත්‍රිත්ව අපරාජිත බව රැකගැනීමේ සටනක

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ තෙවැනි සතිය ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල හෙට (8 වැනිදා) පස්වරු 4.00 ට  රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී තරග බිමට පිවිසෙති.

මේ වන විට පළමු කොටසේ ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත්ව සිටින අතර ත්‍රිත්ව විදුහල ‍එහි තෙවැනි ස්ථානයේ පසුවේ. එහෙත් කණ්ඩායම් දෙකම මේ දක්වා එක් තරගයක් හෝ පරාජය වී නොමැති බැවින් කණ්ඩායම් දෙකටම මෙම තරගය අපරාජිත බව රැකගැනීමේ තරගයක් බවට පත්ව තිබේ.

පළමු සතියේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 22-12 ක ජයක් ලැබූ රාජකීය ක්‍රීඩකයෝ, දෙවැනි සතියේදී මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කළේ ලකුණු 53-00 ක් ලෙසිනි. එම තරග‍දෙකේදීම ප්‍රසාද ලකුණ බැගින් ලබාගැනීමට රාජකීයයන් සමත් වූ බැවින් තෙවැනි සතිය ආරම්භ වන විට ඔවුහු ලකුණු 12 ක් ලබා සිටිති.

පළමු සතියේදී ලකුණු 20-13 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කළ ත්‍රිත්ව ක්‍රීඩක‍යෝ, දෙවැනි සතියේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 25-18 ක ජයක් ලැබූහ. කෙසේ වුවත් ඉන් එක් තරගයකදී හෝ ප්‍රසාද ලකුණු ලබාගැනීමට නොහැකි වූ හෙයින් තෙවැනි සතිය ආරම්භ වන විට ත්‍රිත්ව විදුහල සතුව ඇත්තේ ලකුණු 10 ක් පමණි.

මෙම තරගය දෙවිදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියරක් ලෙස නොසැ‍ලකෙන අතර බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙක එළබෙන අගෝස්තු මස 20 වැනිදා ‍කොළඹදීත්, සැප්තැම්බර් මස 3 වැනිදා මහනුවරදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර ලීග් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 75 ක් රැස්කරගෙන ඇති රාජකීය විදුහල, ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ලකුණු 12 ක් පමණි. එහිදී සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 45 ක් රැස්කිරීමට සමත්ව ඇති ත්‍රිත්ව විදුහල, ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක් ලබා දී තිබේ.


අදහස් (0)

රාජකීය - ත්‍රිත්ව අපරාජිත බව රැකගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.