Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රළ මත ලිස්සා යෑමේ ශූරයා ලකී

රළ මත ලිස්සා යෑමේ ශූරයා ලකී

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වාර්ෂික රළ මත ලිස්සා යෑමේ (සර්ෆින්) තරගාවලිය වන ‘රෙඞ් බුල් රයිඞ් මයි වේව්’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඞී. ඒ. ලකී සමත් විය. ඊශ‍්‍රායෙල් ජාතික විලැඞ්මීර් මර්ලින් අනු ශූරතාව හිමිකරගත් අතර ප‍්‍රංශ ජාතික ලූයිස් සේම්පේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

මෙවර පළමු වරට කාන්තා තරගාවලියක් ද පැවැති අතර එහි ශූරතාව දකුණු අප‍්‍රිකාවේ ජෙලයින් හර්මයිට් දිනා ගැනීමට සමත් වූවාය.    

මෙම තරගාවලිය පසුගියදා අහංගම කබලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20 ක ක‍්‍රීඩකයන් 64 ක දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඒ අතරට විදේශිය ක‍්‍රීඩකයෝ 39 ක් ඇතුළත් වූහ.

කාන්තා තරගාවලියට  ඕස්ටේ‍්‍රලියාව, පැනමා සහ ජපානය රටවල් නියෝජනය කරමින් ක‍්‍රීඩිකාවෝ සහභාගි වූහ.  

පිරිමි තරගාවලියේ ශූරතාව දිනූ ඞී. ඒ. ලකී ඇමරිකානු ඩොලර් 1500 ක් හෙවත් රුපියල් 220,000 කට අධික මුදල් ත්‍යාගයක් හිමිකර ගත්තේය. අනු ශූරතාව වෙනුවෙන් ඩොලර් 1000 ක් හෙවත් රුපියල් 150,000 කට අසන්න සහ තෙවැනි ස්ථානයට ඩොලර් 500 ක් හෙවත් රුපියල් 75,000 කට ආසන්න මුදල් ත්‍යාග පිරිනැමිණ.

 

ඞී. ඒ. ලකී ශූරතා කුසලාන ලබා..
 

 


අදහස් (0)

රළ මත ලිස්සා යෑමේ ශූරයා ලකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.