Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෂීඩ් - කරන් - ජෝර්ඩ්න් පාකිස්තානය මෙල්ල කරති
අවසන් මහ තරගය

රෂීඩ් - කරන් - ජෝර්ඩ්න් පාකිස්තානය මෙල්ල කරති

editorial - 2022 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් ඕවර 4 ලකුණු 18 කට සීමාකළ සෑම් කරන් සහ ක්‍රිස් ජෝර්ඩ්න් දෙදෙනා මෙල්බර්න් නුවරදී දැන් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී පකිස්තානුවන්ගේ ඉනිම ලකුණු 137 කට සීමා කළහ. අවසන් ඕවර 4 දී පාකිස්තානුවන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ ලකුණු 3 ක්, 5 ක්, 4 ක් සහ 6 ක් වශයෙනි. මේ අතරවාරයේදී පාකිස්තානුවෝ සිව් දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

එංගලන්තය වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අදිල් රෂීඩ්, සෑම් කරන් සහ ක්‍රිස් ජෝර්ඩන් තිදෙනා බිඳ වැටුණු කඩුලු 8 න් කඩුලු 7 ක් බෙදාගත්තා පමණක් නොව තමන්ගේ ඕවර 12 ලකුණු 61 කට සීමා කළහ. එංගලන්ත පන්දු යවන්නන් විසින් නිර්මාණය කරන ලද පීඩනය කොතෙක් වූයේද යත් පාකිස්තානු ඉනිමේ කිසිම පිතිකරුවකුට ලකුණු 40 න් ඔබ්බට යා නොහැකි විය.

ඉනිමේ 16 වැනි ඕවරයේදී පාකිස්තානු ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 4 කට 119 කි. මෙම තරගයේ තීරණය රැඳී ඇත්තේ ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 න් පාකිස්තානුවන් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව වුවද එම කාලයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 18 කි.

අදිල් රෂීඩ් සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකර ගනිමින් කඩුලු දෙකක් ද දවාගත්තේය. රෂීඩ්ගේ ඕවර 4 ට නොයිඳුල් ඕවරයක් ද ඇතුළත් වූ අතර එම ඕවරයේදී අලංකාර ගුග්ලි පන්දුවකින් පාකිස්තානු නායක බාබර් අසාම් දවාගැනීමට රෂීඩ්ට හැකිවිය. බාබර් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඉෆ්තිකාර් අහමඩ්ට අදිල් අෂීඩ්ගේ ඉතිරි පන්දු 5 න් එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

ප්‍රහාරාත්මක ඕවර 6 දී අපේක්‍ෂා කළ තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි වූ නමුත්, ඕවර 4 කින් ලකුණු 29 ක් ලබාගත් පාකිස්තානුවෝ ඉනිමේ පළමු අර්ධය නිමාවේදී ලකුණු වේගය 6.8 ක රඳවා ගත්හ. එහෙත් පිතිකරුවන් එකා පසුපස  එකා දැවීයාම හේතුවෙන් අවසන් ඕවර කිහිපයෙදී පාකිස්තානුවන්ට අවශ්‍ය තරම් ලකුණු ලබාගත නොහැකි විය.

ක්‍රිස් වෝක්ස් යැවූ සිව්වැනි ඕවරයේදී ලකුණු 12 ක් ලබාගැනීමට බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් සමත් වූවත්, පස්වැනි ඕවරයේදීම සෑම් කරන් ක්‍රියාත්මක විය. කරන්ගේ පන්දුවක් හමුවේ රිස්වාන් දැවී යාමෙන් පසුව පාකිස්තානුවෝ තරමක් පසුබට වූහ. එතැනින් ආරම්භ කළ සෑම් කරන් සිය ඕවර 4 නිමා කළේ 4-0-12-3 ක් ලෙසිනි.

 


අදහස් (0)

රෂීඩ් - කරන් - ජෝර්ඩ්න් පාකිස්තානය මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.