Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෂ්මි ත්‍රිත්ව ශූරතා දිනයි
වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය

රෂ්මි ත්‍රිත්ව ශූරතා දිනයි

editorial - 2025 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
 
වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ සංවිධානත්වයෙන් වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා වෙළෙඳ සේවා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට රෂ්මි මුදලිගේ සමත් වූවාය. තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගනු ලැබුවේ සවිනක වීරසේකර විසිනි. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200 කට අධික පිරිසක් සහභාගි වූ මෙම තරගාවලියේ කේවල කාන්තා අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සුහස්නි විදානගේ පරාජය කළ රෂ්මි, විවෘත කාන්තා යුගල අවසන් මහ තරගයේදී වරංගනා ජයවර්ධන සමග එක්ව දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ පරාජය කළේද වට 2-0 ක් ලෙසිනි. 

ඉන් නොනැවතුණු රෂ්මි, විවෘත මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී ලෝචන ද සිල්වා සමග එක්ව වට 2-1 ක් ලෙස තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරිද පරාජය කරමින් මෙම තරගාවලියේදී ත්‍රිත්ව ශූරතාවකට හිමිකම් කී එකම ක්‍රීඩිකාව බවටද පත්වූවාය. 

විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට සවිනක වීරසේකර සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කරමිනි. වට 2-1 ක් ලෙස ඇලන් ක්‍රිස්ටන්ටෝ සහ මාර්සිලෝ මේනකී පරාජය කරමින් විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට රයිහාන් ගුසියාපුත්‍ර සහ ඩේවිඩ් හෝමර් සමත් වූහ. 

තරගාවලියේ ශූරයන්ට, අනු ශූරයන්ට සහ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත්වලට අමතරව රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාග බෙදාදුන් අතර, කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබිණි. 


විවෘත අංශයේ තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
සවිනක වීරසේකර විසින් වට 2-1 ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කරන ලදි. (23/25, 21/11 සහ 21/12) 

කාන්තා කේවල 
රෂ්මි මුදලිගේ විසින් වට 2-0 ක් ලෙස සුහස්නි විදානගේ පරාජය කරන ලදි. (21/17 සහ 21/12) 

පිරිමි යුගල 
රයිහාන් ගුසියාපුත්‍ර සහ ඩේවිඩ් හෝමර් විසින් වට 2-1 ක් ලෙස ඇලන් ක්‍රිස්ටන්ටෝ සහ මාර්සිලෝ මේනකී පරාජය කරන ලදහ. (16/21, 21/15 සහ 21/15) 

කාන්තා යුගල
රෂ්මි මුදලිගේ සහ වරංගනා ජයවර්ධන විසින් වට 2-0 ක් ලෙස දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ පරාජය කරන ලදහ. (21/16 සහ 21/20)
  
මිශ්‍ර යුගල 
රෂ්මි මුදලිගේ සහ ලෝචන ද සිල්වා විසින් වට 2-1 ක් ලෙස තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි පරාජය කරන ලදහ. (22/20, 10/21 සහ 21/19) 


අදහස් (0)

රෂ්මි ත්‍රිත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.