Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රබාඩා ගෙදර යයි

රබාඩා ගෙදර යයි

ශනුක අරවින්ද - 2019 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවූ දිල්ලි කැපිටල් පිලේ කගිසෝ රාබාඩාට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත. පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

මෙවර තරගාවලියේ තරග 12 කදී කඩුලු 25 ක් ලබාගෙන ඇති රාබාඩාට තරගාවලිය අතහැර දමා නැවත දකුණු අප්‍රිකාවට පැමිණෙන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇත. වේගපන්දු යවන්නකුවූ ඬේල් ස්ටේන්ටද තරග 2 කට ක්‍රීඩාකිරීමෙන් පසුව ඇතිවූ උරහිසේ ආබාධයක් හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

“මේ අවස්ථාවේදී දිල්ලි පිලෙන් ඉවත්වීමට ගත් තීරණය මට ඉතාමත් අපහසු තීරණයක් වූවා” යැයි රාබාඩා පැවසීය.

“ලෝක කුසලානයට තවත් මාසයයි තියෙන්නේ. මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මම හොද ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනෑ” යැයි රබාඩා වැඩිදුරටත් පැවසීය. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්වූ ලුන්ගි න්ගිඩි සහ ඇන්රිච් නෝර්ට්ජේට ආබාධ හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය අහිමිව ගියහ.

දිල්ලි පිලේ මූලික වටයේ අවසන් තරගය රාජස්තාන් රෝයල් පිල සමගින් සෙනසුරාදා පැවැත්වෙන අතර මේ වනවිටත් දිල්ලි පිල අවසන් සිවුදෙනා අතරට එක්වී ඇත.


අදහස් (0)

රබාඩා ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.