Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රනිත්මා 19 න් පහළ ශූරතාව දිනාගනී
එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය

රනිත්මා 19 න් පහළ ශූරතාව දිනාගනී

editorial - 2025 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

සමස්ථ එංගලන්ත කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කේවල ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට  ශ්‍රී ලාංකික ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සමත් වූවාය. ඇය ඊයේ (4 වැනිදා) යළි ශ්‍රී ලංකාවට පැමිණියාය .

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 13 ක ක්‍රීඩිකාවෝ 57 දෙනෙක් සහගාගි වූහ. තරගාවලිය පසුගිය 31 වැනිදා සිට 03 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්විණ. 

එංගලන්ත ක්‍රීඩිකාවක තරග වට 2 - 0 ක් ලෙස පරාජයට පත් කරමින් රනිත්මා ලියනගේ මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි. රනිත්මා ලියනගේ ගාල්ල , බද්දේගම ක්‍රිස්තුදේව බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා  ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඇයගේ මව්පියවරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 


අදහස් (0)

රනිත්මා 19 න් පහළ ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.