Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන්සිළුගෙන් රන් පදක්කම් 6 ක්

රන්සිළුගෙන් රන් පදක්කම් 6 ක්

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැනඩාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය පවර් ලිෆ්ටින් තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක රන්සිඵ ජයතිලක රන් පදක්කම් හයක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය. මෙම තරගාවලියේ කනිෂ්ඨ තරගයේදී ධනුෂ්ක කොඩිකාර රන් පදක්කම් හතරක් දිනා ගනිමින් දස්කම් දැක්වීය.

කිලෝග‍්‍රෑම් 105 ට අඩු බර පංතියෙන් තරග කළ රන්සිඵ ජයතිලක මෙම තරගාවලියේදී ඩෙඞ් ලිෆ්ට් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 305 ක් ඔසවා නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්විය. මෙහි පෙර වාර්තාව කිලෝග‍්‍රෑම් 285 ක් වන අතර එය ජපන් ක‍්‍රීඩකයකු සතුව තිබිණ.

රන්සිඵ ජයතිලක සිය බර පංතියේදී ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 700 කි. බර ඉසිලීමේ දකුණු ආසියානු පදක්කම් ලාභියකුද වන රන්සිඵ, මේ වන විට පවර් ලිෆ්ටින් තරග සදහා සහභාගිවෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය පවර් ලිෆ්ටින් තරගාවලියකට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් සහභාගි වු පළමු අවස්ථාව මෙය වේ. රටවල් 24 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 329 දෙනෙක් මෙම තරගාවලියට සහභාගිවුහ.

රන්පදක්කම් ලාභී රන්සිඵ ජයතිලක සහ ධනුෂ්ක කොඩිකාර ඊයේ රාත‍්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව සිටියහ. ඔලිම්පික් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල වලට පවර්ලිෆ්ටින් ක‍්‍රීඩාව ඇතුළත් නොවුවද, පවර් ලිෆ්ටින් කී‍්‍රඩාවේදී  ලෝක ශූරතාවලිය ඇතුඵ අන්තර්ජාතික තරගාවලි රැසක් සංවිධානය කෙරේ.
 

 


අදහස් (0)

රන්සිළුගෙන් රන් පදක්කම් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.