Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රත්නපාල - පෙරේරා මැරතන් ශූරතා දිනති
ජාතික ක්‍රීඩා උළෙල - 2022

රත්නපාල - පෙරේරා මැරතන් ශූරතා දිනති

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

හතළිස් හත්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අයත් මැරතන්, ඇවිදීම සහ පාපැදි තරග පෙරේදා සෙනසුරාදා සහ ඉරිදා (8 සහ 9) දෙදින ගම්පහ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. ඩබ්ලිව්. රත්නපාල සහ පී. එම්. පෙරේරා පිළිවෙලින් පිරිමි සහ කාන්තා මැරතන් තරග ජයගත්හ.

මෙම  තරග ඉසව් හය සදහා දිවයින නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 321 දෙනෙකු සහභාගි වී සිටියහ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම තරග ඉසව් පවත්වන ලද අතර එම තරග ඉසව් තුනෙහි  ප්‍රථම,  දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් ක්‍රීඩක , ක්‍රීඩිකාවන්  මෙසේය.


මැරතන්  ( පිරිමි )
1. - ටී.ඩබ්ලිව්. රත්නපාල  (නැගෙනහිර පළාත)
2. - ආර්.ඒ.පී.ඩී.අරුණසිරි.( උතුරුමැද)
3. - ඩබ්ලිව්. එම්. එස්.කුමාර. (වයඹ)

මැරතන් ( කාන්තා )
1. - එම්.එස්.පී.එම්. පෙරේරා. (බස්නාහිර)
2. - එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්. එම්.හේරත්. (මධ්‍යම)
3. - ඒ.එල්.එස්.ඩී.ලියනගේ. (සබරගමුව)

ඇවිදීම ( පිරිමි)
1. - ආර්.එම්.ඩී.ලක්මාල්. (ඌව)
2. - රවීන්ද්‍ර හේරත්. (උතුරු මැද)
3. - සදුන් ලක්මාල්. (වයඹ)

 

ඇවිදීම (කාන්තා)

1. - කල්හාරී මදිරිකා. (බස්නාහිර)
2. - දිනූෂා දිල්හානී.  (දකුණ)
3. - පී.බී.ගයානී. (දකුණ)

පාපැදි තරගය . රේසින්( පිරිමි)
1. - එම්.ඒ.ඩී.මැඩොන්සා. (බස්නාහිර)
2. - ආර්.ටී.සී.දයානන්ද. (බස්නාහිර)
3. - ඩී.එස්.නුගේරා.  (බස්නාහිර)

පාපැදි  තරගය. රේසින්  (කාන්තා)
1. -  කේ.ඒ.එස්.එන්.පෙරේරා. (බස්නාහිර)
2. -  ඩබ්ලිව්. ඒ.ඒ.සදමිණි. (බස්නාහිර)
3. -උදේශිනී එන්. කුමාරසිංහ. ( උතුරුමැද)


අදහස් (0)

රත්නපාල - පෙරේරා මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.