Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිනවුන් අවදානම් කලාපයට වැටෙයි

රිනවුන් අවදානම් කලාපයට වැටෙයි

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙතෙක් අපරාජිතව සිටියද ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදුවීමත් සමග ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ කුසලාන පහසුවෙන් දිනාගැනීමට තිබූ අවස්ථාව රිනවුන් කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ අනුව යුද හමුදා කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කළ කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමටත් ශූරයන්ගේ කුසලාන සතුකර ගැනීමේ අලුත් බලාපොරොත්තු ඇතිව තිබේ.


ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය රිනවුන් කණ්ඩායම ජයගත්තේ නම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින ඔවුන්ට ප්‍රසාද ලකුණු 42ක් ලබා කුසලාන පහසුවෙන් දිනාගැනීමේ අවස්ථාව හිමිව තිබුණි. එහෙත් ගුවන් හමුදා පිලට එරෙහිව තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමෙන් ඔවුන්ට අලුතින් එකතුවූයේ ප්‍රසාද ලකුණක් පමණි. රිනවුන් පිල සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40 කි.


 මේ අතර යුද හමුදාව පරාජය කළ පසුගිය වසරේ ශූරයන් ද වන කොළඹ ක්‍රීඩකයෝ ඒ හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ලබා ඇත්තේ ලකුණු 37 ක් ලබමිනි.


 කෙසේවුවත් එම දෙපිල මුහුණට මුහුණ මුණ ගැසෙන තරගාවලියේ මෙන්ම එම දෙපාර්ශවයේම අවසන් තරගය බවටද පත්ව තිබෙන රිනවුන් - කොළඹ තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමත් රිනවුන් කණ්ඩායමට කුසලාන සතුකර ගැනීමට ප්‍රමාණවත්ය.  එහෙත් මෙතෙක් අපරාජිතව පසුවෙමින් තරග 16 කින් 12 ක්ම ජයගෙන තිබෙන රිනවුන් කණ්ඩායම පරාජය කිරීමට කොළඹ කණ්ඩායම සමත් වුවහොත් වසර 2017 ශූරයන්ගේ කුසලාන අවසන් මොහොතේ ඩැහැගැනීමට ඔවුහු සමත් වනු ඇත.


 එය තරගාවලියේ එතෙක් සිදුවූ පෙරළිකාරම සිදුවීම බවට පත් විය හැකි අතර ශූරයන්ගේ තරගාවලියේ මෙතෙක් ප්‍රබලතම කණ්ඩායම් දෙක බවට පත්ව තිබෙන ඔවුන් අතර එම තීරණාත්මක තරගය පැවැත්වෙන දිනයක් හෝ ස්ථානයක් ඊයේ (18) වන විටත් පාපන්දු සම්මේලනය තහවුරු කර නොතිබුණි.


 ඒ අතර වාර්තාවූයේ එම තරගය ශූරයන්ගේ තරගාවලිය (2017) නිමාවට පත්කෙරෙන අවසන් තරගය ලෙස යාපනයේදී පැවැත්වීම පිළිබඳව පාපන්දු සම්මේලනය අවධානය යොමුකර තිබෙන බවයි.


මෙවර තරගාවලිය මුළු තරග 154 කින් සමන්විත වන අතර කණ්ඩායම් 18 ක් මේ වන විට අවසන් ස්ථානයේ පසුවන තරගාවලියට නවක මොරගස්මුල්ල කණ්ඩායම හැරුණු විට පොලිස් පිල හෝ ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිලට එළඹෙන තරගාවලියෙන් (2018) ඉවත්වීමට සිදුවනු ඇත.


තරග ප්‍රතිඵල

● අනුරාධපුර සොලිඞ් පිල විසින් මාතර සිටි පිල පරාජය කරන ලදී. (1-0)

● නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් පිල විසින් ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල පරාජය කරන ලදී. (5-3)

● සෝන්ඩර්ස් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී. (2-1)

● කුරුණෑගල පෙලිකන්ස් පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී. (1-0)

● බේරුවල සුපර්සන් පිල විසින් මොරගස්මුල්ල ක්‍රි.ස. පිල පරාජය කරන ලදී. (4-3)

● කොළඹ පිල විසින් යුද හමුදා පිල පරාජය කරන ලදී. (1-0)

● රිනවුන් පිල හා ගුවන් හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි. (0-0)

● වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරන ලදී. (2-1)

● ජාවාලේන් පිල විසින් නාවික හමුදා පිල පරාජය කරන ලදී. (1-0)

 

අවසන් අදියර තරග පැවැත්වෙන ආකාරය (සියලු තරග පස්වරු 3 ට ඇරඹේ)

(දෙසැම්බර් 19)
● වෙන්නප්පුව නිව් යංග්ස් - කුරුණෑගල පෙලිකන්ස් අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් පිටියේදී.

(දෙසැම්බර් 20)
● ජාවාලේන් - කළුතර බ්ලූස්ටාර්ස් අතර කොළඹ සිටි ලීග පිටියේදී.
● මීගමුව යූත් - ගම්පොල ක්‍රිස්ටල් පැලැස් අතර කැලණිය පාපන්දු පිටියේදී.
● නාවික හමුදාව - කුරුණෑගල පෙලිකන්ස් අතර වැලිසර නාවික හමුදා පිටියේදී.

(දෙසැම්බර් 22)
● ගුවන් හමුදාව - මොරගස්මුල්ල අතර කැලණිය පාපන්දු පිටියේදී.
● නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් -- අනුරාධපුරය සොලිඞ් අතර නාවලපිටිය ජයතිලක පිටියේදී.
● යුද හමුදා - මාතර සිටි අතර තරගය පැවැත්වෙන ස්ථානය නම්කර නැත.

(දෙසැම්බර් 24)
● කළුතර සුපර්සන් -- සෝන්ඩර්ස් අතර කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී

 


අදහස් (0)

රිනවුන් අවදානම් කලාපයට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.