Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් පිලේ නායකත්ය රවීන්ට
එංගලන්ත සංචාරය - 2022

යොවුන් පිලේ නායකත්ය රවීන්ට

editorial - 2022 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එංගලන්තයේදී පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගාවලියකට සහ එක්දින තරග 3 ක් සඳහා තෝරාගන්නා ලද කණ්ඩායමේ නායකත්වය කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වාට පැවරී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම, වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ සිටි රවීන් ද සිල්වා දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන අතර දකුණතින් පන්දුවට පහර දෙන්නෙකි.

ඔහු මේ වන විටත් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරන, බලාපොරොත්තු තැබිය හැකි, පිතිකරුවෙකි.

එංගලන්ත සංචාරය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතිශය ප්‍රබල කණ්ඩායමකි. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 18 දෙනාගෙන් 11 දෙනකුම වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ දිගින් දිගටම ක්‍රීඩා කළහ. ඔවුන්ගෙන් 10 දෙනෙක් යොවුන් එක්දින තරගාවලි 7 කට ක්‍රීඩා කළ අතර තවත් තිදෙනෙක් යොවුන් එක්දින තරගාවලි 3 කට ක්‍රීඩා කළහ. මේ සියලු දෙනාම මේ වසර මුලදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට ද සහභාවූහ.

පසුගිය මාසයේදී ටෙස්ට් හිස්වැස්ම හිමිකරගත්, යොවුන් පිලේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ එංගලන්ත සංචාරයට ඇතුළත් කර නැත. වෙල්ලාලගේට අමතරව, ශාරීරික ආබාධ හේතුවෙන්, චමිඳු වික්‍රමසිංහ සහ යසිරු රුද්රිගු මෙම සංචාරයට එක් නොවන නමුත් නවක වේග පන්දු යවන්නන් දෙදෙනකුද සමගින් වේග පන්දු යවන්නෝ 5 ක් ද ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත් කර සිටිති.

දුවිඳු රණතුංග (කොල්ලුපිටිය මහානාම විදුහල), සහන් මිහිර (පානදුර ශාන්ත ජෝන්), දුලාජ් සමුදිත (වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය), හසිත අමරසිංහ (මාතර ශාන්ත සර්වේශස්), කැනිස්ටන් ගුණරත්නම් (ගල්කිස්ස සා. තෝමස්) සහ අසිත වන්නිනායක (කටුගස්තොට ශාන්ත අන්තෝනි) ශ්‍රී ලංකා යොවුන් පිලට අලුතින් එක්වූ ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු වැනි එංගලන්ත සංචාරය මෙයයි. කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ඉතාම ඉක්මනින් වයස 19 න් පහළ සීමාව පසුකර, ‘නැගීඑන’ සහ ‘ශ්‍රී ලංකා ඒ’ කණ්ඩායම් වල දොරටු අබියස සිටින බැවින් මෙම එංගලන්ත සංචාරය ඔවුන්ගේ තරග දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම
රවීන් ද සිල්වා (නායක), අභිෂේක් ලියනආරච්චි, පවන් පතිරාජ, රනිඳු සෝමරත්න, සදීශ රාජපක්‍ෂ, ෂෙවොන් ඩැනියෙල්, අංජල බණ්ඩාර, ළහිරු දෙවටගේ, වනුජ සහන් කුමාර, විනුජ රන්පුල්, මල්ෂ තරුපති, දුවිඳු රණතුංග, සහන් මිහිර, දුලාජ් සමුදිත, ටේ‍රවින් මැතිව්, හසිත අමරසිංහ, කැනිස්ටන් ගුණරත්නම් සහ අසිත වන්නිනායක

 


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම


අදහස් (0)

යොවුන් පිලේ නායකත්ය රවීන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.