Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් පිල එංගලන්තයේ ටෙස්ට් තරගාවලියක

යොවුන් පිල එංගලන්තයේ ටෙස්ට් තරගාවලියක

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

විස්සයි-20 ක්‍රිකට් කොතරම් තිබුණත්, ටෙස්ට් ක්‍රිකට් සම්බන්ධයෙන් වැඩි කතාබහක් නිර්මාණය වී ඇති වකවානුවක, ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන 14 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි. මේ වසර මුලදී පැවැති යොවුන් ලෝක කුසලන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ දුනිත් වෙල්ලාලගේ මෙම කණ්ඩායමට ඇතුළත් නොවන අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා කණඩායම මෙහෙයවීමට නියමිතය.

මෙම තරග සංචාරට, එංගලන්ත යොවුන් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට අමතරව යොවුන් එක්දින තරග 3 ක් ද ඇතුළත් වේ.

එංගලන්ත ගිම්හානයේ අවසන් භාගයේදී පැවැත්වෙන බැවින් යොවුන් ටෙස්ට් තරග දෙක පැවැත්වෙන එසෙක්ස් සහ ඩාර්බිෂයර් ක්‍රීඩාංගණවලදී ශ්‍රී ලංකා යොවුන් පිලට වැඩි වාසි අපේක්‍ෂා කළ හැකිය. තරගාවලිය මාසයක් පමණ දීර්ඝ වන බැවින්ද, මේ වන විටත් එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය ඇතුළු වෙනත් තරගවලි වෙනුවෙන් භාවිතා කරන ලද තණතීරු ශ්‍රී ලංකාවේ යොවුන් පිතිකරුවන්ට මෙන්ම යොවුන් දඟ පන්දු යවන්නන්ටත් බෙහෙවින් වාසිදායක වනු ඇත.

එංගලන්ත කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි වලින් කියැවෙන්නේ ඉදිරි දින කිහිපයේදී දකුණු එංගලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ඉක්මවා යා හැකි බවයි.

තවමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතත්, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට දඟ පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යැවීමේ හැකියාව ඇති පිතිකරුවන් දෙදෙනකු ඇතුළත් වන බව දැනගන්නට තිබේ. ශාරීරික ආබාධ හේතවෙන් චමිඳු වික්‍රමසිංහ සහ යසිරු රුද්රිගු මෙම සංචාරයට එක් නොවන නමුත් නවක වේග පන්දු යවන්නන් දෙදෙනකුද සමගින් වේග පන්දු යවන්නෝ 5 ක් ද ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත්ව සිටිති.
 
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වැඩි දෙනකුගේ පළමු වැනි එංගලන්ත සංචාරය මෙය වන අතර කණ්ඩායමේ වැඩි දෙනෙක් ඉතාම ඉක්මනින් වයස 19 න් පහළ සීමාව ඉක්මවා යනු ඇත.

 
තරග කාලසටහන
අගෝ 16-18     - තරුණ ලයන්ස් පිලට එරෙහිව පුහුණු තරගය ලෆ්බරෝ ක්‍රිකට් විද්‍යායතනයේදී

අගෝ 21-24    - පළමු වැනි යොවුන් ටෙස්ට් තරගය එසෙක්ස්හිදී
අගෝ 28-31    - දෙවැනි යොවුන් ටෙස්ට් තරගය ඩර්බිෂයර්හිදී
සැප් 05    - පළමු එක්දින තරගය වූස්ටර්ෂයර්හිදී
සැප් 08    - දෙවැනි එක්දින තරගය වූස්ටර්ෂයර්හිදී
සැප් 10    - තුන්වැනි එක්දින තරගය වූස්ටර්ෂයර්හිදී

 


අදහස් (0)

යොවුන් පිල එංගලන්තයේ ටෙස්ට් තරගාවලියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.