Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් කී‍්‍රඩකයෝ ලෝක කුසලාන සොයා යති
යොවුන් ලෝක කුසලාන

යොවුන් කී‍්‍රඩකයෝ ලෝක කුසලාන සොයා යති

editorial - 2022 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගිවන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට බටහිර ඉන්දීය දූපත් බලා අද (2 වැනිදා) පිටත්ව යනු ඇත.
 
ආසියානු කුසලාන තරගාවලිය සඳහා දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබී එමීර් රාජ්‍යය බලා පිටත්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලිය අවසන් වීමෙන් පසුව දිගටම එහි රැඳී සිටියේය. ආසියානු කුසලාන තරගාවලිය සඳහා එක්වූ 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමම යොවුන් ලෝක කුසලානය සඳහාද එක්වන අතර දුනිත් වෙල්ලාලගේට නායකත්වය හිමිව ඇත. ඔහුගේ උපනායකයා ලෙස රවීන් ද සිල්වා කටයුතු කරයි.

ලෝක කුසලාන තරගාවලියේදී ‘ඞී’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ස්කොට්ලන්තය,  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමගින් මූලික වටයේදී තරග වදිනු ඇත.

මේ මස 14 වැනිදා යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන අතර තරගාවලිය ආරම්භ කරමින් ස්කොට්ලන්තයට එරෙහිව ජෝර්ජ් ටවුන්හී එවරස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම
දුනිත් වෙල්ලාලගේ (නායක), ෂෙවෝන් ඩැනියල්, අන්ජල බණ්ඩාර, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, වනුජ සහන් කුමාර, රවීන් ද සිල්වා, රනුද සෝමරත්න, මල්ෂ තරුපති, ටෙ‍්‍රවීන් මැතිව්, යසිරු රුද්‍රිගූ, මතීෂ පතිරණ, චමි`දු වික‍්‍රමසිංහ, විනුජ රන්පුල්, සකුණ ලියනගේ, අභිෂේක් ලියනාරච්චි සහ සදීෂ් ජයවර්ධන.

- 2079

 


අදහස් (0)

යොවුන් කී‍්‍රඩකයෝ ලෝක කුසලාන සොයා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.