වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 111 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාගංණයේදී අද (03 වැනිදා) පැවැති දෙවැනි තරගයෙන් ජයගත් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ තරග දෙකම ජය ලබමින් 2-0 ක් ලෙස තරගාවලියේ ජයග‍්‍රාහීව පෙරමුණ ගත්හ. ශ්‍රී ලංකා පිල පළමු තරගයෙන් ලකුණු 95 ක ජයක් ලැබීය.
ලකුණු 249 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඕස්ටේ‍්‍රලියානු ඉනිම ලකුණු 137 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
වමතින් මද වේග පන්දු යවන හර්ෂ රාජපක්‍ෂ තුන් ඉරියව්වේම දස්කම් දක්වමින් ලකුණු 33 කට කඩුලූ තුනක් දවා ගැනීමට සමත් විය. ලක්‍ෂාන් ජයසිංහ සහ අනුක් ප‍්‍රනාන්දු කඩුලූ දෙක බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ප‍්‍රියමාල් පෙරේරා පන්දු 90 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 58 ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 127 කට කඩුලූ 5 ක් බිද වැටී සිටියදී ප‍්‍රියමාල් පෙරේරා සහ හර්ෂ රාජපක්‍ෂ එකතුව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආහ. හර්ෂ රාජපක්‍ෂ වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 39 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලූ දෙක ලකුණු 11 කට බිද වැවීමෙන් පසුව හෂාන් දුමිදු (37) සහ මිනෝද් භානුක (27) තෙවැනි කඩුල්ලට ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
මෙම තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මේ මස 6 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල
හෂාන් දුමිදු - ඇ. ඩමින් මොර්ටිමර් ප. මැතිව් ෂොර්ට් 37
සදීර සමරවික‍්‍රම - ඇ. බෙන් මැක්ඩෙමොට් ප. මැතිව් ෆෝටි 0
කුසල් මෙන්ඩිස් - ඇ. බෙන් මැක්ඩෙමොට් ප. මැතිව් ෆෝටි 4
මිනෝද් භානුක - ඇ. මැතිව් ෆෝට් ප. තෝමස් ඇන්ඩෘ 27
ප‍්‍රියමාල් පෙරේරා - ඇ. ඩමින් මොර්ටිමර් ප. මැතිව් ෆෝටි 58
හෂේන් රාමනායක - ඇ. ඩමින් මොර්ටිමර් ප. ජේම්ස් බෂ්ලි 11
හර්ෂ රාජපක්‍ෂ - ඇ. සියන් විලිස් ප. මැතිව් ෆෝටි 43
අනුක් ප‍්‍රනාන්දු - ඇ. ඩමින් මොර්ටිමර් ප. මැතිව් ෆෝටි 22
බිනුර ප‍්‍රනාන්දු - ඇ. ඩමින් මොර්ටිමර් ප. මැතිව් ෆෝටි 11
ඒ. කේ. ටිරෝන් - දුවද්දී දැවී ගියා 0
ලක්‍ෂාන් ජයසිංහ - නොදැවී 2
අතිරේක 33
එකතුව ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 248
කඩුලූ වැටීම:
1-1(සදීර සමරවික‍්‍රම), 2-11(කුසල් මෙන්ඩිස්), 3-61(මිනෝද් භානුක), 4-104(හෂාන් දුමිදු), 5-127(හෂේන් රාමනායක), 6-208(ප‍්‍රියමාල් පෙරේරා), 7-220(හර්ෂ රාජපක්‍ෂ), 8-242(බිනුර ප‍්‍රනාන්දු), 9-246(අනුක් ප‍්‍රනාන්දු), 10-248(ඒ. කේ. ටිරෝන්)
පන්දු යැවීම:
මැතිව් ෆෝටි: 8-1-39-6, බෙන් අෂ්කිනාෂි: 9.5-0-61-0, ජේම්ස් බෂ්ලි: 7-1-44-1, තෝමස් ඇන්ඩෘ: 10-1-37-1, ගයි වෙල්කර්: 5-0-23-0, මැතිව් ෂොර්ට්: 9-0-28-1
ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල
මැතිව් ෂොර්ට් - ක. මූ. කළා ප. බිනුර ප‍්‍රනාන්දු 4
ජරොන් මොර්ගන් - ඇ. ප‍්‍රියමාල් පෙරේරා ප. අනුක් ප‍්‍රනාන්දු 24
ඩමින් මොර්ටිමර් - ඇ. ඒ. කේ. ටිරෝන් ප. හර්ෂ රාජපක්‍ෂ 41
බෙන් මැක්ඩෙමොට් - ප. ලක්‍ෂාන් ජයසිංහ 0
ජැක් ඩොරන් - ඇ. මිනෝද් භානුක ප. හර්ෂ රාජපක්‍ෂ 14
සියන් විලිස් - ක. මූ. කළා ප. ඒ. කේ. ටිරෝන් 6
ජේම්ස් බෂ්ලි - ඇ. හෂේන් රාමනායක ප. හර්ෂ රාජපක්‍ෂ 14
තෝමස් ඇන්ඩෘ - දුවද්දී දැවී ගියා 12
ගයි වෙල්කර් - ඇ. මිනෝද් භානුක ප. අනුක් ප‍්‍රනාන්දු 4
බෙන් අෂ්කිනාෂි - ක. මූ. කළා ප. ලක්‍ෂාන් ජයසිංහ 10
මැතිව් ෆෝටි - නොදැවී 1
අතිරේක 7
එකතුව ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 137
කඩුලූ වැටීම:
1-4(මැතිව් ෂොර්ට්), 2-44(ජරොන් මොර්ගන්), 3-45(බෙන් මැක්ඩෙමොට්), 4-88(ජැක් ඩොරන්), 5-91(ඩමින් මොර්ටිමර්), 6-99(සියන් විලිස්), 7-117(ජේම්ස් බෂ්ලි), 8-123(ගයි වෙල්කර්), 9-125(තෝමස් ඇන්ඩෘ), 10-137(බෙන් අෂ්කිනාෂි)
පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 2-0-20-1, ලක්‍ෂාන් ජයසිංහ: 5.4-1-13-2, අනුක් ප‍්‍රනාන්දු: 6-1-24-2, ප‍්‍රියමාල් පෙරේරා: 8-2-20-0, හර්ෂ රාජපක්‍ෂ: 10-1-33-3, ඒ. කේ. ටිරෝන්: 10-1-26-1
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.