Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට
යොවුන් ආසියානු කුසලාන

යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කළ යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. ඩුබායි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලූ 9 ක ජයක් වාර්තා කරමින් ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 102 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් කණ්ඩායම  ඕවර 21.3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරු අංක‍්‍රිෂ් රඝුවංෂි (නොදැවී 56* සහ ෂෙයික් රෂීඞ් (නොදැවී 31) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 96 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය යොවුන් කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 67 කට මුහුණදුන් රඝුවංෂි හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 49 කදී වාර්තා වූ රෂීඞ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් අන්තර්ගත විය. ඉන්දීය ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ලට හිමිකම් කීමට යසිරු රොද්‍රගූ සමත් වූ අතර ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් හර්නූර් සිං ලකුණු 5 කට දැවී ගියේය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම  ඕවර 38 ක් අවසානයේ ලකුණු 106 කට සීමා කිරීමට ඉන්දීය යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ විකී ඔස්ට්වාල් නිලකුණු  ඕවර 2 ක්ද සමග  ඕවර 8 ක් යවා ලකුණු 11 කට කඩුලූ 3 ක් දවාගත්තේය. කෞෂාල් තම්බේ ලකුණු 23 කට 2 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඔස්ට්වාල්ට අනගි සහායක් දුන්නේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක්  ඕවර 38 කට සීමා කෙරුණ අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ යසිරු රොද්‍රගූ පන්දු 26 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක් රැුස්කළේය. උප නායක රවීන් ද සිල්වා පන්දු 29 කදී හතරේ පහරක් සමග ලකුණු 15 ක්ද, මතීෂ පතිරණ පන්දු 14 කදී හතරේ පහරක් සමග ලකුණු 14 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට ගෙන යෑම සඳහා දායකත්වය සැපයූහ.


ශී‍්‍ර ලංකා යොවුන් පිල -  ඕවර 38 කදී කඩුලූ 9 ක් දැවී 106
(සදිෂ රාජපක්ෂ 14, රවීන් ද සිල්වා 15, යසිරු රොද්‍රිගූ නොදැවී 19, මතීෂ පතිරණ 14, විකී ඔස්ට්වාල් 11/3, කෞෂාල් තම්බේ 23/2)

ඉන්දීය යොවුන් පිල -  ඕවර 21.3 කදී කඩුල්ලක් දැවී 104
(අංක‍්‍රිෂ් රඝුවංෂි නොදැවී 56, ෂෙයික් රෂීඞ් නොදැවී 31)


ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි..

-036

 


අදහස් (0)

යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.