Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන්ගෙන් සාර්ථක ආරම්භයක්

යුපුන්ගෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2023 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉතාලි මලල ක්‍රීඩා සම්මේලනය සංවිධානය කළ ‘සැවෝනා මීටින්’ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 පිරිමි අවසන් මහ තරගය තත්පර 10.01 කින් අවසන් කරමින් එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (24 වැනිදා) සමත් විය.

යුපුන් එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ තමා සහභාගි වූ මූලික වටයේ තරගය තත්පර 10.04 කින් අවසන් කරමිනි. මූලික වටයේ තරගය මෙන්ම අවසන් මහ තරගය පැවැත්වෙන විටද සුලඟේ වේගය +2.7 ක් ලෙස සටහන් විය. තත්පර 9.94 ක කාලයක් වාර්තා කළ මහ බි්‍රතාන්‍යයේ ප්‍රෙස්කොඩ් රීස් අවසන් තරගයේ පළමු ස්ථානය දිනා ගත්තේය.

යුපුන් මෙම වසරේදී (2023) සහභාගි වූ පළමු ජාත්‍යන්තර මීටර් 100 තරගය මෙය වූ අතර එහිදී ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු කියා සිටියේ මෙවැනි ආකාරයකින් මෙවර තරග වාරය ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවය. කෙසේ වුවත් ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස සටහන් වන්නේ තත්පර 9.96 කි.

“හැම දෙයක්ම සැලැසුම් කරපු ආකාරයටම සිදුවුණා. ඉදිරියේදිත් මගේ උපරියමය ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. මං කිව්වෙ වගේම මේක මේ වසරේ ආරම්භය විතරයි. මගේ ඊළඟ ඉලක්කය ආසියානු ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියයි.” යැයිද යුපුන් සිය මුහුණුපොතේ සටහනක් තබමින් පැවසීය.

 


අදහස් (0)

යුපුන්ගෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.