Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඩුබායි නුවරදී සිකුරාදා (8) පැවැති ආසියානු ග්‍රෝන් - ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 10.27 කට නිමා කරමින් දෙවැනි ස්ථානය ලැබීය. කෙසේවූවත් ඉතාලියේ සිට පැමිණෙමින් ඊට සහභාගී වූ ශ්‍රී ලංකා පළපුරුදු කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් එහිදී 6 වැනි ස්ථානය දක්වා පහතට වැටුණේ තත්පර 10.39 කටය.
ඩුබායි තරගාවලියට සහභාගිවූ මීටර 4 ×100 (පිරිමි) ශ්‍රී ලංකා සහය දිවීමේ කණඩායමද එහිදී අසාර්ථක වූයේ සිව් වැනි ස්ථානයට පත්වීමෙනි.ඒ තත්පර 39.41 කටය. යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, මෙරාන් විජේසිංහ, දෙනෙත් වීරරත්න එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමකට යුපුන් අබේකෝන් එකතු වූයේ වසර 2019 න් පසුව වීම එහිදී කැපී පෙණුනි. දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබළතම මලල ක්‍රීඩා ප්‍රතිවාදියා වන ඉන්දියාව මෙම සහය දිවීමේ තරගය තත්පර 38.76 කට ජය ගැනිම ඔවුන්ට ළගම එන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ තර්ජනයක් ලෙස සැළකිය හැකිය.
ඕමානයේ අලි අල් බලූෂි තත්පර 10.19 කට මීටර 100 (පිරිමි) ඉසව්වේ ජයග්‍රහණය අත් කර ගත්තේය. මේ දක්වා මීටර100 (පිරිමි) ඉසව්වේ යුපුන් අබේකෝන්ගේ හොදම දක්ෂතා 10 අතර අවම දස්කම වූයේ තත්පර 10.15 (2024) කි. හොදම දක්ෂතාවය තත්පර 9.96 (2022) කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.